Rebuilding Sri Lanka වැඩසටහනට ලැබී ඇති දෙස් විදෙස් ආධාර රුපියල් බිලියන 8.5 සීමාව ඉක්මවයි

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදාවෙන් රට යථා තත්වයට ගොඩනැඟීම සඳහා ආරම්භ කරන ලද Rebuilding Sri Lanka වැඩසටහනට දේශීය වශයෙන් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ විවිධ ආයතනවලින් මූල්‍යාධාර වශයෙන් අද (23) දිනය වන විට රුපියල් බිලියන 8.5 ඉක්ම වූ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.

ඔහු පවසන්නේ මෙම මූල්‍යාධාර තුළ ඇතුලත් විදෙස් ආධාර ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 9.49ක් බවයි.

“මෙම වැඩපිළිවෙල ආරම්භකළ දවසේ සිට අද වෙනකන් රුපියල් වලින් ලැබුණු මුදල් ප්‍රමාණය, දේශීය පුරවැසියන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් ලැබුණු මුදල් ප්‍රමාණය මෙන්ම විදේශ රට වලින් අපට ලැබුණු මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් තොරතුරු අපි ලග තියනවා. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ලද තොරතුරු අනුව මේ දක්වා ලැබුණු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 8.5 සීමාව ඉක්මවා ගිහින් තියනවා. එම ලැබුණු මුදල් වල සමස්ථ වටනාකම එම මුදල තුළ ඇතුළත් වනවා.
මේ සඳහා විදේශ මුදල් වලින් ඉහළ මුදල් වල අන්තර්ගත වෙලා තියන ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 9.49 ඉක්මවා ගිහින් තියනවා.”

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top