
ඔබේ ආදරණීය දරුවා සිප් සතර හැදැරීමට පාසලට යන පළමු දිනයේදී අගනා සමරු තිළිණයක් පිරිනැමීමට මහජන බැංකුව මෙවරත් කටයුතු යොදා තිබේ. ඒ අනුව, මෙම සුවිශේෂ දිනයේදී ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සුබ පැතුම් එක්කිරීමේ සහ ඉතිරිකිරීම හුරුකරවීමේ අරමුණින් මහජන බැංකුවේ සිසු උදාන ගිණුමක් ආරම්භ කරන විට මෙම සැමරුම් තිළිණය පිරිනැමේ.
මහජන බැංකුව වසර ගණනාවක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේදී, එහි කාර්ය මණ්ඩලය විසින් හැකි සෑම අවස්ථාවකදීම 2026 මැයි 31 වැනිදා දක්වා පාසල් විසිත්ත කර මෙම තිළිණ පිරිනැමීම විශේෂත්වයකි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ළඟම පිහිටි මහජන බැංකුවෙන් ලබාගත හැක.
කුඩා කළ සිටම සිසු දරුවන්ගේ සිත් සතන් තුළ සකසුරුවමෙහි වටිනාකම ජනිත කරවීම සහ අනාගතයේදී මූල්‍ය විනයක් සහිත සිසු දරු පරපුරක් රටට දායාද කිරීමේ අරමුණින් මහජන බැංකුව 1996 වසරේ දී ‘සිසු උදාන’ ගිණුම හඳුන්වා දුනි. මෙමඟින්, වයස අවුරුදු 06 සිට 18 අතර පාසල් දරුවන් අතර ඉතිරිකිරීමේ මාහැඟි පුරුද්ද වර්ධනය විය.
එමෙන්ම, සිසු දරුවන්ගේ අධ්‍යාපනයට සවිමත් අත්වැලක් සැපයීමේ අරමුණෙන් මහජන බැංකුව 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරු දැරියන් වෙත විශේෂ තිළිණයක් ලබා දෙමින් ඇගයීමට ලක්කරනු ලබන අතර, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉහළින් සමත්වන සිසු දරුදැරියන් වෙත මූල්‍යමය තිළිණ පිරිනමමින් ඇගයීමට ලක් කරනු ලබයි.
අද වන විට ශ්‍රී ලංකාවේ වැඩිම දරු දැරියන් පිරිසක් සිය ඉතුරුම් ගිණුම් පවත්වාගෙන යන්නේ මහජන බැංකුව සමඟයි. මෙම ගිණුම් සඳහා පොලියට අමතරව තැන්පත් කරන මුදල් ප්‍රමාණය අනුව විවිධ ත්‍යාග හා ප්‍රතිලාභ රැසක් දරුවන්ට හිමිවේ. එමෙන්ම උසස් අධ්‍යාපනය දක්වාම විවිධ මුල්‍ය සේවා සපයමින් ඔවුන් හට ස්ථාවර අනාගතයක් ගොඩනඟා දීමට වගකිය යුතු මූල්‍ය ආයතනයක් වශයෙන් මහජන බැංකුව ඇපකැපවී ක්‍රියා කරයි.
උපුටා ගැනීම : අද දෙරණ
