දුම්රිය දෙපාර්තමේන්තුවට යුරෝ මිලියන 1.1ක නව තාක්ෂණික උපකරණ

  • යුරෝ මිලියන 1.1ක වියදමින් රත්මලාන තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයට, නව තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයක්

යුරෝ මිලියන 1.1ක වියදමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ජර්මන් දුම්රිය තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයේ නව තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කර ඇත.

නවක පත්වීම් ලද දුම්රිය රියදුරන්ගේ කඩිනම් පුහුණුව වෙනුවෙන් නව තාක්ෂණික උපකරණ සහ තාක්ෂණික දැනුම එකතු වුනු මේ තාක්ෂණික මධ්‍යස්ථානය ගොඩ නගා තිබේ.

යූරෝ මිලියන 1.1 ක වියදමින් ඉදිවූ මෙම පුහුණු මධ්‍යස්ථානය simulator cabin 01, training desk 08 කින් සහ observation desk 06 කින් සමන්විත වේ.

3D තාක්ෂණය උපරිම ආකාරයේ භාවිතා කොට ඇති මෙම මධ්‍යස්ථානයේ පුහුණුව ලබන අයෙක්හට සජීවී ලෙස දුම්රිය හැසිරවිය හැකි ආකාරයේ අත්දැකීමත් දුම්රිය සංඥා ලබා ගැනීමත් ඊට අනූව හැසිරවීමේ ආකාරයත් හරස් මාර්ග භාවිතයත් වැනි පුහුණුව නිවැරදිව කඩිනමින් ලබා ගත හැකි වීම විශේෂත්වයක් වේ.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top