2026 දී වාහන ආනයනයට යන වියදම ගැන ඇස්තමේන්තුවක්

2026 වසරේ දී වාහන අනයනය සඳහා කොපමණ ඩොලර් ප්‍රමාණයක් වැය වේ ද, යන්න පිළිබඳව මෙතෙක් පුරෝකථනය කර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

කෙසේ වෙතත් අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙම වසරේ දී වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වැය වනු ඇති බවට අනුමාන කළ හැකි බවයි.

අද (28) ශ්‍රී ලංකා මහ බැංකුව මූලස්ථාන පරිශ්‍රයේ පැවති 2026 වසරේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

“2026 වසර සඳහා වාහන ආනයනය තාම ඇස්තමේන්තු කරන්න කල් වැඩි. අපි දකින්නේ ගිය අවුරුද්දේ බිලියන 2ක වාහන ආනයනය කරා. එතකොට අවුරුදු 5කට පස්සේ එක සැරේ ආනයනය කරපු නිසා තමයි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝම්බර් වගේ වසරේ මැද හරියේ විශාල ප්‍රමාණයක් වාහන ආනයනය කරා. නමුත් ඊට පස්සේ අපි දැක්කා ඒක LC Open කරන එකයි වාහන ආනයනය සහ මිල ගණන් අඩු වෙලා තියනවා. එතකොටය අපි දකිනවා මේක ගිය අවුරුද්දේ ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයකින් අඩුවක් වෙයි කියලා. එතකොට ඒක උපරිම අපි හිතන්නේ බිලියන 1.5ක විතර වගේ ප්‍රමාණයක් එන්න පුළුවන් මේ අවුරුද්දේ. ඒක තමයි ඉතිහාසේ ගත්තත් එච්චර වෙලා නැහැ කිසිම අවුරුද්දක. ඉතින් ඒ වගේ ප්‍රමාණයක් ආවා කියලා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ප්‍රමාණය අපිට කළමනාකරනය කර ගන්න පුළුවන්. ‍”

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top