අඛණ්ඩව මාස තුනක් නොවෙනස්ව පැවති කොළඹ උද්ධමනය යළි ඉහළට

අඛණ්ඩව මාස තුනක් නොවෙනස්ව පැවති කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජනවාරි මාසයේ දී 2.3%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව 2025 දෙසැම්බර් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය වාර්තා වූයේ 2.1% ක් ලෙසයි.

2026 ජනවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 3.3% දක්වා වැඩි වී ඇති අතර 2025 දෙසැම්බර් මාසයේ දී එය වාර්තා වූයේ 3.0% ක් ලෙසයි.

එමෙන්ම, 2025 දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 1.8% ක් ලෙස පැවති අතර,2026 ජනවාරි මාසය සඳහා ද එම අගය 1.8%ක් ලෙස නොවෙනස්ව පවතී.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top