දින 4ක දී 40,054ක සංචාරකයින් පිරිසක් දිවයිනට

පෙබරවාරි මාසයේ පළමු දින 4 තුළ දී 40,054ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙනවා දෙන්නනේ එම නව සංචාරක පැමිණීම් දත්ත සමග 2026 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 317,381 ක් ලෙසයි.

පෙබරවාරි 2 වන දින 11,817ක වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇති අතර එම කාල සීමාවේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ෙඉන්දියාව පෙරමුනේ පසුවෙයි.

ඒ අනුව ඉන්දියාවෙන් සංචාරකයින් 5,287ක්, එක්සත් රාජධානියෙන් 5,184ක් සහ රුසියාවෙන් 3,817ක් ලෙස පෙබරවාරියේ පළමු දින 4 තුළ වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

උපුටා ගැනීම: අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top