2032 දක්වා වාර්ෂිකව ගෙවිය යුතු විදෙස් ණය ප්‍රමාණයන් මෙන්න

ඉදිරි වසරවල දී ශ්‍රී ලංකාව විසින් සිදුකළ යුතු ණය සේවාකරණයන් සම්බන්ධයෙන් අනාවරණයක් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (06) දින සිදුකළේය.

ලංකා වාණිජ මණ්ඩලය විසින් අද පෙරවරුවේ සංවිධානය කර තිබූ “Economic Growth in the AI and Digital Era” ඉසව්වේ ප්‍රධාන ආරාධිත දේශනය සිදුකරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව අනාවරණය කළේය.

මෙහිදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට අවතීර්ණ වීමෙන් පසු සිදුකළ වැඩිම ණය සේවාකරණය 2025 වසරේ දී සිදුකළ බවත් එය ඩොලර් බිලියන 3.935ක් බවත්ය. ඊට මහ බැංකුව විසින් කළ ඩොලර් බිලියන 1.3ක හා ශ්‍රී ලංකා රජය විසින් කළ ඩොලර් බිලියන 2.6ක ගෙවීම් ඇතුළත්ව ඇත.

මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැවසූ පරිදි මෙම වසරේ සිට 2032 දක්වා ශ්‍රී ලංකාව විසින් වාර්ෂිකව සිදුකළ යුතු විදෙස් ණය සේවාකරණයන් පහත පරිදි වේ.

වර්ෂය – ගෙවිය යුතු විදෙස් ණය ප්‍රමාණය (ඩොලර් බිලියනවලිනි)
2026 – 3.271
2027 – 2.537
2028 – 3.231
2029 – 3.386
2030 – 3.556
2031 – 3.493
2032 – 3.306

උපුටා ගැනීම: අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top