
ඩේවිඩ් පීරිස් සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන ඩේවිඩ් පීරිස් රිනිවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPRE) පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවති කැදැල්ල ප්‍රදර්ශනයේදී ජාත්‍යන්තර ප්‍රසිද්ධ සන්නාම දෙකක් වන PROJOY විදුලි උපකරණ සහ Hoymiles සූර්ය හයිබ්‍රිඩ් පද්ධති සහ මයික්‍රො ඉන්වර්ටර්ස් නිල වශයෙන් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ තම ස්ථානය තවත් ශක්තිමත් කළේය.
මෙම නිල හඳුන්වාදීමේ උත්සවය සඳහා ඩේවිඩ් පීරිස් රිනිවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් අධ්‍යක්ෂවරුන් වන අජන්ත ප්‍රේමසිරි සහ චරිත් සමරතුංග යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූහ. මෙම නව නිෂ්පාදන හඳුන්වාදීම, ජාත්‍යන්තර මට්ටමේ සූර්ය බලශක්ති විසදුම්, විදුලි බල ඉලෙක්ට්‍රොනික හා හයිබ්‍රිඩ් බලශක්ති විසඳුම් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ඩේවිඩ් පීරිස් සෝලා ආයතනය ගෙනයන අඛණ්ඩ උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැළකිය හැකිය.
PROJOY යනු සූර්ය විදුලි හා බලශක්ති ගබඩා පද්ධති සඳහා අවශ්‍ය විදුලි ආරක්ෂණ සහ උසස් තත්ත්වයේ විදුලි උපකරණ නිෂ්පාදනය කරන ජාත්‍යන්තරව පිළිගත් සන්නාමයකි. DC isolators, rapid shutdown devices, circuit breakers, surge protection devices සහ smart electrical accessories ඇතුළත් පුළුල් නිෂ්පාදන පරාසයක් PROJOY විසින් ලබාදෙන අතර එම නිෂ්පාදන යුරෝපය, ආසියා-පැසිෆික් කලාපය ඇතුළු බොහෝ ජාත්‍යන්තර වෙළෙද පොළවල භාවිතයට ගැනේ. ලොව ප්‍රමුඛ inverter සහ battery නිෂ්පාදකයින් විසින්ද PROJOY නිෂ්පාදන විශ්වාසයෙන් භාවිත කරනු ලබයි.

එමෙන්ම, Hoymiles සූර්ය හයිබ්‍රිඩ් පද්ධති සූර්ය විදුලි නිෂ්පාදනය, බැටරි ගබඩා කිරීම සහ බලශක්ති කළමනාකරණය එකට ඒකාබද්ධ කරන නවීන හයිබ්‍රිඩ් inverter හා energy storage විසඳුම් ලෙස හඳුන්වා දේ. ගෘහස්ථ, වාණිජ සහ කාර්මික භාවිතයන් සඳහා නිර්මාණය කර ඇති Hoymiles පද්ධති, ඉහළ කාර්යක්ෂමතාව, වැඩි ආරක්ෂාව සහ smart monitoring පහසුකම් සපයමින් පාරිභෝගිකයින්ට විදුලි පිරිවැය අඩු කරගනිමින් බලශක්ති ස්වාධීනත්වය වැඩි කර ගැනීමට උපකාරී වේ.
ඊට අමතරව Hoymiles මයික්‍රො ඉන්වර්ටර්ස් Tier 1 සහතිකය ඇති ප්‍රමුඛතම මයික්‍රො ඉන්වර්ටර් සන්නාමයක් ලෙස ලෝක වෙළෙද පොළෙහි ඉහළ පිළිගැනීමක් ඇති අතර එම ඉන්වර්ටර් සමග සෝලා පහසුකම් ඉතාමක් තරගකාරී මිලකට මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයන්හට අවස්ථාව ඇත.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ ඩේවිඩ් පීරිස් රිනීවබල් එනර්ජි (ප්‍රයිවට්) ලිමිටඩ්හි සහකාර සාමාන්‍යාධිකාරී ප්‍රසන්න දිසානායක මහතා මෙසේ පැවසුවේය.
“ඩේවිඩ් පීරිස් රිනිවබල් එනජි ලෙස අපගේ අවධානය සැමවිටම පවතින්නේ, දේශීය බලශක්ති අවශ්‍යතා සපුරාලන අතරම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල, විශ්වාසදායී සහ අනාගතයට සූදානම් බලශක්ති විසඳුම් ලබාදීමයි. PROJOY විදුලි ආරක්ෂණ විසඳුම් සහ Hoymiles සූර්ය හයිබ්‍රිඩ් පද්ධති හඳුන්වාදීමත් සමඟ ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ දිගුකාලීන වටිනාකම ප්‍රමුඛ කරගත් සම්පූර්ණ සූර්ය බලශක්ති විසඳුම් අපගේ පාරිභෝගිකයින්ට ලබාදීමට අපට හැකි වී තිබෙනවා.”
තවද, මෙම නව නිෂ්පාදන හඳුන්වාදීම ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්තිය වෙත වන සංක්‍රමණයට, විශ්වාසදායී තාක්ෂණය, වෘත්තීය ඉංජිනේරු දැනුම සහ ශක්තිමත් අලෙවියෙන් පසු සේවා ජාලයක් හරහා දායක වීමට ඩේවිඩ් පීරිස් රිනිවබල් එනජි දරණ කැපවීම පිළිබිඹු කරන බවද ඔහු සඳහන් කළේය.
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන ඩේවිඩ් පීරිස් රිනිවබල් එනර්ජි (ප්‍රයිවට්) ලිමිටඩ්, ගෘහස්ථ සූර්ය පද්ධතිවල සිට මහා පරිමාණ වාණිජ හා කාර්මික සූර්ය ව්‍යාපෘති දක්වා සම්පූර්ණ සූර්ය බලශක්ති විසඳුම් ලබාදෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආයතනයකි. දශක ගණනාවක් පුරා ගොඩනැගුණු ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ දිවයින පුරා පැතිරුණු සේවා ජාලය හේතුවෙන්, රට තුළ තිරසාර බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීමේදී ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
වැඩි විස්තර 011 470 0440 ඔස්සේ හෝ www.dpre.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.
