ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පද්ධති දෝෂයක්. ගමන් බලපත්‍ර, වීසා සේවා තාවකාලිකව අත්හිටුවයි

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවා ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පද්ධතිය නැවත යථා තත්ත්වයට පත්වූ වහාම මෙම සේවාවන් නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව යි.

මෙයින් මහජනතාවට සිදු වන අපහසුතාවය පිළිබඳ එම දෙපාර්තමේන්තුව සිය කණගාටුව පළ කරන අතර, පද්ධතිය යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා මේ වන විට සිදුකරමින් පවතින බව ද පවසයි.

වැඩිදුර විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් 0112101540 / 0112101545 දුරකථන අංකයන් හරහා හෝ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය මඟින් තොරතුරු ලබාගත හැක.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top