
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් සමාගම වන Prime Constructions (Pvt) Ltd (PCL), පසුගියදා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ශ්‍රේණිගත කිරීම් ක්‍රමවේදය යටතේ C1 ශ්‍රේණිය හිමිකර ගැනීමට සමත් විය. වසර දෙකහමාරක් වැනි කාලයක් තුළ මෙම ශ්‍රේණිය හිමිකරගැනීමට Prime Constructions සමත් වීම විශේෂත්වයකි.
ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය ප්‍රමුඛයා බවට පත් වීමට Prime Constructions සමත් වී ඇති බව මින් තහවුරු වේ.
Prime Constructions සමාගමේ සාර්ථකත්වය හේතුවෙන් එය මේ වන විට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය හැඩගස්වන පුරෝගාමී බලවේගයක් බවට පත් වී තිබේ. Prime සමූහයේ මූල්‍ය ස්ථාවරත්වය සහ විශ්වාසනීයත්වය තුළින් ලැබෙන පන්නරය හේතුවෙන් එම සමාගමට නොසැලෙන විශ්වාසයකින් යුතුව මෙරට ඉදිරිකිරීම් ක්ෂේත්‍රයේ අභියෝග ජයගැනීමට හැකි වී ඇත. ඉහළම මට්ටමේ සුදුසුකම් සහිත ප්‍රවීණ ඉංජිනේරුවන් සහ කාර්මික විශේෂඥයන් ඇතුළු පිරිසක් Prime Constructions සමාගමෙහි සේවය කරන බැවින්, තමන් වෙත පැවරෙන සෑම ව්‍යාපෘතියක්ම ඉහළම ප්‍රමිතියකින් සහ විශිෂ්ට කළමනාකාරණයකින් යුතුව සම්පූර්ණ කිරීමට සමාගමට හැකි වී ඇත.
විශේෂයෙන්ම සෑම විටම උසස් ප්‍රමිතිය පවත්වා ගන්නා අතරම නිසි කාලසීමාව තුළ හෝ ඊට පෙර ව්‍යාපෘති අවසන් කර භාරදීම සම්බන්ධයෙන් කීර්තියක් දිනාගැනීමටද Prime Constructions සමාගම සමත් වී තිබේ. එමෙන්ම සම්පත් කාර්යක්ෂම ලෙස පරිහරණය කිරීම සහ ප්‍රශස්ත ලෙස ඉදිකිරීම් සිදුකිරීම හේතුවෙන් වඩාත් හොඳ මිලගණන් ඉදිරිපත් කිරීමටද සමාගමට හැකි වී ඇත. මේ නිසා Prime Constructions සමාගම මේ වන විට ඉදිකිරීම් විශිෂ්ටත්වය මෙන්ම ආයෝජනයට උපරිම වටිනාකම අපේක්ෂා කරන සේවාදායකයන් කාගේත් ප්‍රමුඛතම තෝරාගැනීමක් බවට පත් වී තිබේ.
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ශ්‍රේණිගත කිරීම හිමි වීම යනු Prime Constructions සමාගමේ මෙහෙයුම් ශක්තිය තහවුරු කරන අතරම එහි විශ්වාසනීයත්වය වැඩිදියුණු කරන සාධකයකි. එමෙන්ම මෙම පිළිගැනීම හේතුවෙන් සමාගමට මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ඉදිරිපත් වීමේදී තරගකාරී වාසියක් හිමි වේ. මේ සියල්ල දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය වැනි අතිශය තරගකාරී ක්ෂේත්‍රයක් තුළ දීර්ඝකාලීන වර්ධනය සහ ස්ථාවරත්වය ළඟා කරගැනීම සඳහා සමාගමට බෙහෙවින් වැදගත් වනු ඇත.
“වසර දෙකහමාරක් වැනි කෙටි කාලයක් ඇතුළත C1 ශ්‍රේණිය ලබාගැනීමට හැකි වීම යනු Prime Constructions කණ්ඩායමේ කැපවීම සහ විශේෂඥතාව පිළිබඳ ප්‍රබල සාක්ෂියක්. ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සහ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන Prime සමූහයේ සභාපතිතුමන්ගේ සහ සම-සභාපතිතුමියගේ මඟපෙන්වීම යටතේ එම සමූහය වෙතින් ලැබෙන නොසැලෙන සහයෝගය, මෙම ගමනේදී අපට මහත් ශක්තියක් වී තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය මඟින් ශ්‍රේණිගත කරනු ලැබීම, මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ විශ්වාසය දිනූ නාමයක් ලෙස අප සතු පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කරන සාධකයක්. එමෙන්ම එය ඉදිරියේදී තවතවත් සුවිශේෂී සන්ධිස්ථාන සනිටුහන් කිරීමට අප දිරිගන්වනු ඇති බවට සැකයක් නැහැ. මේ සියල්ල ඔස්සේ වර්තමානය වන විට Prime Constructions සමාගම මූල්‍ය ස්ථාවරත්වය සහ තාක්ෂණික විශිෂ්ටත්වය යන අංශ දෙකෙන්ම කැපීපෙනෙන, රටේ වඩාත්ම දක්ෂ හා විශ්වාසනීය ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමක් ලෙස කීර්තියක් දිනාගැනීමට සමත් වී තිබෙනවා.” Prime Constructions සමාගමේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු සුජිත් රූපසිංහ මහතා පැවසීය.
ආරම්භයේ පටන්ම Prime Constructions සමාගම මහල් නිවාස සහ අනෙකුත් නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමුකළේය. එහිදී සමාගම විසින් අදාළ ව්‍යාපෘතිවල ව්‍යුහාත්මක ඉදිකිරීම් මෙන්ම කාර්මික, විදුලි සහ ජලනල කාර්මික කටයුතු ඇතුළු සියලු ඉදකිරීම් අවශ්‍යතා සපුරාලනු ලබයි. දැනටමත් එම සමාගම ගම්පහ ‘The Palace’, දෙහිවල Marine Drive හි ‘43 By the Sea’, ‘Castle Street Warehouse’ සහ NIIBS ආයතනයේ භික්ෂුනී නේවාසිකාගාර ව්‍යාපෘතිය ඇතුළු සුවිශේෂී ව්‍යාපෘති රැසක් සාර්ථක ලෙස අවසන් කර තිබේ.
මේ වන විට Prime Constructions සමාගම ‘Colombo Border’ ව්‍යාපෘතියේ ද්විත්ව කුලුනු, බොරැල්ල ‘The Seasons’ ව්‍යාපෘතිය, අතුරුගිරිය ‘Shine On’ ව්‍යාපෘතිය සහ කොට්ටාව ‘Skye Blossom’ ව්‍යාපෘතිය වැනි ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයක ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිටී.
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ නියාමන අධිකාරිය වන ඉදිකිරීම් සංවර්ධන අධිකාරිය විසින් හඳුන්වා දී ඇති ශ්‍රේණිගත කිරීම් ක්‍රමවේදයේ අරමුණ වන්නේ, මූල්‍ය ශක්තිය, තාක්ෂණික විශේෂඥභාවය, කාර්ය මණ්ඩලයේ ශක්තිය, යන්ත්‍රෝපකරණ සහ ව්‍යාපෘති පළපුරුද්ද යනාදී සාධක අනුව කොන්ත්‍රාත්කරුවන් ශ්‍රේණිගත කිරීමය.
උපුටා ගැනීම : අද දෙරණ
