රු. කෝටි 62ක මෙරට ඉහළම ලොතරැයි දිනුම ඊයේ වාර්තා වෙයි

මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම සුපිරි ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණය කිරීමට පුද්ගලයෙකු ඊයේ (19) සමත් වූ බවට වාර්තා වෙයි.

ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ‘කප්රුක‘ ලොතරැයියේ 2260 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන රු. 629,855,919.60 ත්‍යාග මුදල දිනා ගනිමිනි.

එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගිරාඳුරුකෝට්ට ප්‍රදේශයේ ඩබ්. රත්නසිරි සොයිසා නම් අලෙවි නියෝජිතවරයායි.

මින් පෙර 2025 වසරේ දී මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදල වූ රු. කෝටි 47 ක සුපිරි ත්‍යාගය ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයිය මගින් ලබා දී තිබුණි.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top