
කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය, ඉහළ යෑමේ ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වා ගනිමින් 2024 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගයේ දී 10.6 %කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මෙම වර්ධනය, ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක වන නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනෙහිම පිළිබිඹු වී ඇති අතර, ඒවා පිළිවෙළින් 12.4%ක, 11.3%ක සහ 8.0%ක වාර්ෂික ඉහළයෑම් වාර්තා කර ඇති බවයි.
මේ අතර, 2025 වසරේ පළමු භාගයේ වාර්තා වූ අගයන්ට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගයේ දී, ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක අර්ධ වාර්ෂික පදනම අනුව මධ්‍යස්ථ වේගයකින් වර්ධනය වී ඇත. මෙහිදී, වාණිජ සහ නේවාසික අනු දර්ශක ඉහළ වර්ධන වේගයන් පෙන්නුම් කළේය.



උපුටා ගැනීම : අද දෙරණ
