
2025 දෙසැම්බර් 31 වන විට ගෙවීමට ඇති රාජ්‍ය ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 103,861ක් බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.
2025 සැප්තැම්බර් 30 වන විට මෙම අගය වාර්තා වූයේ ඩොලර් මිලියන 106,611ක් ලෙසිනි. ඒ අනුව 2025 සිව්වන කාර්තුවේ දී රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 2,750කින් හෙවත් 2.57%කින් පහළ ගොස් තිබේ.
මෙම රාජ්‍ය ණය තුළ මධ්‍යම රජය විසින් නොපිය වූ ණය, රාජ්‍ය ව්‍යවසායන් විසින් ගෙවිය යුතු ණය සහ පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් ගෙවිය යුතු ණය අන්තර්ගත වේ.
ඒ අනුව 2025 සිව්වන කාර්තුවේ දී මධ්‍යම රජයේ ණය ඩොලර් මිලියන 102,204 සිට ඩොලර් මිලියන 100,356ක් දක්වා ත්, රාජ්‍ය ව්‍යවසායයන් හි ණය ඩොලර් මිලියන 4,386 සිට ඩොලර් මිලියන 3,484ක් දක්වා ත් පහළ ගොස් ඇති අතර පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් ගෙවිය යුතු ණය ඩොලර් මිලියන 21 මට්ටමේ නොවෙනස්ව පවතී.
මධ්‍යම රජයේ ණය සැලකීමේ දී 2025 දෙසැම්බර් කාර්තුවේ දී දේශීය ණය ඩොලර් මිලියන 64,966 සිට ඩොලර් මිලියන 62,693ක් දක්වා පහළ ගොස් ඇති අතර විදේශීය ණය ඩොලර් මිලියන 37,238 සිට ඩොලර් මිලියන 37,663ක් දක්වා ඉහළ ගොස් තිබේ.
උපුටා ගැනීම : අද දෙරණ
