“බජාජ් ජෙනුයින් සුපිරි වාරේ” තෑගි තරගයේ ජයග්‍රාහකයින්ට තෑගි පිරිනැමේ

ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම සහ බජාජ් නිෂ්පාදන මෙරට එකම බෙදාහරින්නා වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් මිලදී ගත්  පාරිභෝගිකයින් අතර ක්‍රියාත්මක කළ බජාජ් ජෙනුයින් සුපිරි වාරේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරුණි.

මෙම මහා තෑගි තරගයේ අවසන් මහා දිනුම් ඇදීමෙන් පළමු ත්‍යාගය ලෙස බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථයක් පිරිනැමුණු අතර එය මොරටුව කටුකුරුන්දේ පදිංචි ලක්මාල් ප්‍රසන්ත ප්‍රනාන්දු මහතා විසින් දිනාගන්නා ලදී. දෙවන ජයග්‍රාහකයා ලෙස බ්‍රෑන්ඩ් නිව් බජාජ් පල්සර් N160 Premium මෝටර් සයිකලය ඇල්පිටිය කැටන්දොල පදිංචි ආර්. කේ අජිත් කුමාර මහතා විසින් දිනාගන්න ලදී.

තවද රුපියල් 50,000 මුදල් ත්‍යාග තවත් ජයග්‍රාහකයින් 05 දෙනෙකු වෙත පිරිනැමුණු අතර තවත් ජයග්‍රාහකයින් 10 දෙනෙකුට රුපියල් 25,000ක් වටිනා ටයර් වචුචර් පත් පිරිනැමුණි.

ජයග්‍රාහකයින් තම තෑගි සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

අවසන් වශයෙන් තවත් ජයග්‍රාහකයින් 15 දෙනෙකුට පර්ල් බේ ෆැමිලි පැකේජ 15ක් පිරිනැමුණු අතර මී‌ට අමතරව බජාජ් ජෙනුයින් සුපිරි වාරේ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන සති 09ක කාලය පුරා සතිපතාද දිනුම් ඇදීමක් පවත්වා සෑම සතියකම ජයග්‍රාහකයින් 25 දෙනෙකු තෝරාගෙන සෑම ජයග්‍රාහකයෙකුටම රුපියල් 10,000ක් වටිනා ජෙනුයින් පාර්ට්ස් වවුචර්පත් පිරිනමන ලදී.

බජාජ් ජෙනුයින් අමතර කොටස් මිලදී ගැනීමේදී එම ඇසුරුමේ ඇති අලි පැංචා ලකුණ සහිත හොලෝග්‍රෑම් ස්ටිකරය සූරා මතුවන QR කේතය ස්කෑන් කර ජෙනුයින් පාර්ට්ස් බවට තහවුරු කිරිමෙන් හෝ හොලෝග්‍රෑම් ස්ටිකරය සූරා මතුවන අංකය 0777 66 55 77 අංකයට කෙටි පණිවුඩයක් ලෙස යැවීමෙන් මෙම තරයට ඇතුළත් වීමේ අවස්ථාව බජාජ් පාරිභෝගිකයින්ට හිමි විය.

ඉතිහාසයේ දැවැන්තම තෑගි එකතුව සමගින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ‘බජාජ් ජෙනුයින් සුපිරි වාරේ’ තෑගි තරගය ක්‍රියාත්මක කිරීම තුළින් නිරතුරුව පාරිභෝගිකයා සමග සිටින බව තවදුරටත් සනාථ කිරීමට හැකියාව ලැබී ඇත.

බජාජ් ජෙනුයින් පාර්ට්ස් පිළිබද වැඩි විස්තර 0114700600 දුරකතන අංකයෙන් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් ඇමතීමෙන් හෝ www.dpmco.com වෙබ් අඩවියට මෙන්ම DPMC ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් ලබාගත හැකිය.

ඡායාරූප

– පළමු ත්‍යාගය වන බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමූහ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ දිසානායක මහතා විසින් ජයග්‍රාහකයා වන මොරටුව කටුකුරුන්ද පදිංචි ලක්මාල් ප්‍රසන්ත ප්‍රනාන්දු මහතාට බාරදුන් අවස්ථාව.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top