ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කර ගැනීමට රුකුලක් වෙමින් සම්පත් බැංකුව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගන්වයි්‍

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ වැඩසටහනෙහි සැලකිය යුතු පියවරක් තබමින් සම්පත් බැංකුව, කොළඹ දිස්ත්‍රික්කයේ දෙවන ව්‍යාපාරික හමුව, කිරිබත්ගොඩ Hotel Royal Park හිදී පසුගියදා සාර්ථක අන්දමින් පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් එක්ව සිටි අතර, එහිදී වත්මන් ව්‍යාපාරික අභියෝගයන් සාකච්ඡා කරමින් ව්‍යාපාරික ප්‍රජාව තුළ ශක්තිමත් අන්තර් සබඳතාවයන් වර්ධනය කර ගන්නා ආකාරය පිළිබඳ මනා දැනුවත්භාවයක් ලබා දීමට කටයුතු කෙරිණි.

එහිදී ආරම්භක දේශනය පවත්වමින් සම්පත් බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බැංකුකරණ ප්‍රධානී කසුන් ප්‍රනාන්දු මහතා මෙම ව්‍යාපාරයන් තුළ දෛනිකව වෙනස්වන අවශ්‍යතාවන්ට අනුකූලව සිය ව්‍යවසායන් හැසිරවීම සහ ඒ සඳහා සම්පත් බැංකුව දක්වන දායකත්වය අවධාරණය කළේ ය. ඉන් අනතුරුව අදහස් දැක්වූ සම්පත් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී – පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකුකරණය, අසංක ලියනගේ මහතා පැවසුවේ මෙරට ආර්ථික මෙහෙයවීමේ දී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් ඉටු කරන කාර්යභාර්ය ඉතා වැදගත් වන බවයි. එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වර්ධනය කිරීම සඳහා සම්පත් බැංකුව විසින් දියත් කර තිබෙන AI තාක්ෂණික විසඳුම් සහ මෙවලම් ඇතුළු අනෙකුත් සියලු පහසුකම් වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරන බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

මේ අතර, ජ්‍යොෂ්ඨ ආර්ථික විශ්ලේෂක සංජය ආරියවංශ මහතා සහ ජ්‍යොෂ්ඨ ආර්ථික විශ්ලේෂිකා අනීතා වරුසවිතාරන මහත්මිය විසින් මෙහෙයවනු ලැබූ විද්වත් සාකච්ඡාවන් මෙම ව්‍යාපාරික හමුවේ කැපී පෙනෙන අවස්ථාවක් විය. එහිදී වත්මන් ආර්ථික ප්‍රවණතාවයන්, ව්‍යාපාරිකයින් මුහුණ දෙන අභියෝග මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට පවතින අලුත් අවස්ථාවන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදා විය.

මෙවැනි වැඩසටහන් ඔස්සේ සම්පත් බැංකුව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයන් සහ ව්‍යාපාරිකයින් සමඟ පවත්වාගෙන යනු ලබන සහයෝගීතාවන් තවදුරටත් ශක්තිමත් කර ගනිමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ ව්‍යාපාර අවස්ථාවන් නිර්මාණය කිරීමෙහිලා පුරෝගාමී මෙහෙයවරක් ඉටු කරනු ලබයි. ව්‍යාපාරික අවස්ථාවන් සහ මුල්‍ය කළමනාකාරීත්වය පිළිබඳව දැනුම ඒකාබද්ධ කරමින්, මෙරට ව්‍යවසායකයින් සවිබල ගැන්වීම, ව්‍යාපාර වර්ධනයට මගපෙන්වීම සහ ජාතික ආර්ථිකයේ දිගුකාලීන ප්‍රගතියට දායක වීම සඳහා සම්පත් බැංකුව අඛණ්ඩව කැපවී කටයුතු කරනු ඇත.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top