
ශ්‍රී ලංකාවේ රෙදි සේදුම් සත්කාරක ක්ෂේත්‍රයේ වඩාත් විශ්වසනීය සන්නාමයක් වන Diva, සිය ‘Triple Action’ තාක්ෂණයෙන් යුත් Diva Fresh රෙදි සෝදන කුඩු නිෂ්පාදන පෙළ නව මුහුණුවරකින් වෙළෙඳපොළට නිකුත් කර ඇත. දෛනික රෙදි සෝදන කටයුතුවල දී පැන නගින අභියෝග වඩාත් පහසුවෙන් සහ විශ්වාසයෙන් යුතුව ජය ගැනීමට ශ්‍රී ලාංකික පවුල්වලට සහාය වීම මෙහි ප්‍රධාන අරමුණයි. වසර 20කට අධික අභිමානවත් ඉතිහාසයක් ඇති Diva, මෙරට පවුල්වලට සැබෑ වටිනාකමක් එක් කරන නව්‍ය සේදුම් විසඳුම් හඳුන්වා දෙමින් මෙම ක්ෂේත්‍රයේ නවෝත්පාදකයෙකු ලෙස සැමවිටම කටයුතු කරයි. වර්තමාන පාරිභෝගිකයාගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතාවලට සරිලන පරිදි, උසස් ක්‍රියාකාරිත්වය සහ නවීන පෙනුම එක් කරමින් Diva Fresh නිෂ්පාදන පෙළ මෙලෙස යාවත්කාලීන කර ඇත.
Diva හි නව ‘Triple Action’ තාක්ෂණය මගින් පාරිභෝගිකයාට විශිෂ්ට රෙදි සෝදන අත්දැකීමක් ලබා දීම සඳහා ප්‍රබල වාසි තුනක් එක් කර ඇත. එහි ඇති සුවිශේෂී ‘Stain Fighter’ තාක්ෂණය මගින් ඇඳුම්වල ඇති එදිනෙදා පැල්ලම් ඉතා සාර්ථකව ඉවත් කර වඩාත් පිරිසිදු බවක් ලබා දෙයි. ‘Perfume Booster’ තාක්ෂණය මගින් ඇඳුම්වලට දිගුකාලීන සුවඳක් එක් කරමින් ඇඳුම්වල නැවුම් බව වැඩි කාලයක් පවත්වා ගන්නා අතර, ‘Optical Brightener’ තාක්ෂණය මගින් ඇඳුම්වල දීප්තිය වැඩි කර සෑම සේදීමකින්ම පසු ඇඳුම්වලට අලුත්ම පෙනුමක් ලබා දෙයි.
මෙම නව හඳුන්වාදීම පිළිබඳව හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි අලෙවි අධ්‍යක්ෂ ශියාන් ජයවීර මහතා මෙසේ අදහස් දැක්වීය. “Diva Fresh නව මුහුණුවරකින් නැවත දියත් කිරීම, පාරිභෝගික හදගැස්ම සහ ඔවුන්ගේ වෙනස් වන අවශ්‍යතා හොඳින් හඳුනාගත් ශ්‍රී ලාංකික සන්නාමයක් ලෙස අප යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක්. මෙම නව නිෂ්පාදන පෙළ හරහා දෛනික රෙදි සෝදන සත්කාරය ඉහළ නැංවීමටත්, දිගුකාලීන සුවඳක් සහ නවීන සන්නාම අත්දැකීමක් ලබා දීමටත් අප බලාපොරොත්තු වෙනවා. අර්ථාන්විත නවෝත්පාදනයන් සැපයීම අපගේ අරමුණ වන අතර, නව Diva Fresh හරහා එම පොරොන්දුව තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා. මෙය, නිෂ්පාදනයක් යාවත්කාලීන කිරීමක් පමණක් නොව, Diva කෙරෙහි විශ්වාසය තබන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවිත වඩාත් අර්ථවත් කිරීමට අප ගන්නා උත්සාහයේ තවත් එක් පියවරක්.”
මෙම නව හඳුන්වාදීමත් සමඟ Diva Fresh නිෂ්පාදන පෙළෙහි ඇසුරුම් ද වඩාත් ආකර්ෂණීය සහ නවීන පෙනුමකින් යුතුව නිර්මාණය කර ඇත. ඒවා කාලයට ගැළපෙන නවීන පෙනුමක් ලබා දෙන අතරම, ශ්‍රී ලාංකික ගෘහනියන් Diva කෙරෙහි දක්වන හුරුපුරුදු සමීපත්වය ද නොවෙනස්ව පවත්වා ගෙන යයි. රෝස, නිල් මානෙල්, පිච්ච, ගාඩීනියා සහ සේපාලිකා යන මල් වර්ගවල සුවඳින් යුත් නිෂ්පාදන පෙළ තවදුරටත් වෙළෙඳපොළේ පවතින අතර, එමගින් සෑම සේදීමකටම සුවිශේෂී නැවුම් බවක් එක් කරයි.
නිෂ්පාදන නවෝත්පාදනය, විශ්වසනීය ගුණාත්මකභාවය සහ ආකර්ෂණීය ඇසුරුම් ක්‍රමවේද හරහා පාරිභෝගිකයා සමඟ පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ රෙදි සෝදන සත්කාරක ක්ෂේත්‍රයේ විශ්වසනීය සහ නව්‍ය සන්නාමයක් ලෙස සිය ස්ථානය තහවුරු කිරීමටද Diva බලාපොරොත්තු වේ. ශ්‍රී ලාංකික පවුල්වලට දෛනිකව වඩාත් හොඳින් සහ විශ්වාසයෙන් යුතුව සිටීමට අවශ්‍ය ප්‍රායෝගික විසඳුම් ලබා දීමේ අරමුණින් යුත් Diva Fresh නිෂ්පාදන පෙළ දැන් දිවයින පුරා වෙළෙඳසැල්වලින් ලබා ගත හැකිය.
Hemas Consumer Brands පිළිබඳව
60 වසරක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands, යහපත් හෙට දිනයක් අපේක්ෂා කරමින් පවුල් සවිබල ගැන්වීම වෙත අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව තුළ අපගේ අරමුණු මූලික කර ගත් සන්නාම, දේශීය දැනුම භාවිතයෙන් නව්‍යකරණයට සහ සංවර්ධනයට ලක් කරමින්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විශ්වසනීය ගෘහ සන්නාමයන් ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව Hemas, අප නිහතමානීව ආඩම්බර වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා පිළිබඳ මනාව අවබෝධ කර ගන්නා Hemas Consumer Brands උසස් ගුණාත්මක බවින් සහ වටිනාකමින් යුත් තම නිෂ්පාදන ලබා දීමේ සිය නොසැලෙන කැපවීම පෙරදැරිව රට පුරා සිටින ජනතාවගේ ජීවිත පොහොසත් කිරීමට අඛණ්ඩව කටයුතු කරයි
