
ශ්‍රී ලංකාවේ විශාලතම විද්‍යුත් වාහන එකතුව සපයන්නා වන Evolution Auto විසින්, Radisson Hotels Sri Lanka සඳහා විශේෂයෙන් සැලසුම් කරන ලද විද්‍යුත් වාහන රථ පෙළක් යොදවා ඇති අතර, මෙය විශාල පරිමාණයේ සංචාරක සත්කාරක මෙහෙයුම් සිදු කිරීම සඳහා තිරසාර ගමනාගමනය හා ඒකාබද්ධ කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි.
මෙම සහයෝගිතාව Radisson හි දෛනික මෙහෙයුම් සඳහා තිරසාරත්වය ඒකාබද්ධ කිරීම පිළිබඳ කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි. මෙය හුදෙක් සංකේතාත්මක උත්සාහයක් ලෙස නොව, ක්‍රියාකාරී හා වටිනාකම් මත පදනම් වූ ව්‍යාපාරික ක්‍රමෝපායයක් වේ. ඒ සමඟම, වාණිජමය වශයෙන් විද්‍යුත් වාහන භාවිතය පුළුල් ලෙස සිදු කිරීමට ඉඩ සලසන විශ්වාසදායක පාර්ශවකරුවකු ලෙස Evolution Auto ස්ථානගත කරයි.
මෙලෙස යොදවා ඇති මෙම වාහන පෙළ, වැඩි ධාරිතාවයකින් යුත් ප්‍රවාහන හා සැපයුම් අවශ්‍යතා සඳහා නිර්මාණය කරන ලද King Long විද්‍යුත් වෑන් රථ සහ කාර්යක්ෂම නාගරික හෝටල් මෙහෙයුම් කාර්යක්ෂම ලෙස සිදු කිරීමට නිර්මාණය කර ඇති KYC විද්‍යුත් වෑන් රථ වලින් සමන්විත වේ. මෙම වාහන දැනටමත් භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා, සේවක ප්‍රවාහනය සහ අභ්‍යන්තර සැපයුම් ඇතුළු විවිධ මෙහෙයුම් සඳහා සක්‍රීයව භාවිතා කරයි. කොළඹ, ගාල්ල සහ මහනුවර ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන Radisson හෝටල් හි මෙහෙයුම් සඳහා සහය දක්වමින්, අවශ්‍ය අවස්ථාවල දී බාධාවකින් තොරව ගමනාගමනය සිදු කිරීමට ඉඩ සලසයි.
මෙම විද්‍යුත් වාහන හෝටලයේ මෙහෙයුම් අවශ්‍යතාවන් සමඟ ගැලපීමෙන්, සත්කාරක ක්ෂේත්‍රය තුළ කාර්යක්ෂමතාව, විශ්වාසනීයතාව සහ සැපයීම වැඩිදියුණු කරන විසඳුමක් Evolution Auto විසින් ලබා දී තිබේ. මින් හෝටල් ජාලය අතර මෙහෙයුම් සෑම විටම ක්‍රමවත් ලෙස සිදු වන බව සහතික කරයි.
Radisson Hotels Sri Lanka විසින් සිය විද්‍යුත් වාහන ගමනාගමන සහකරු ලෙස Evolution Auto තෝරා ගන්නා ලද්දේ, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ESG (පරිසර, සමාජ සහ පාලන) අරමුණු යන දෙකටම සහාය වන පරිදි සකස් කරන ලද, විසඳුම් ලබා දීමට ඔවුන්ට ඇති හැකියාව පදනම් කර ගනිමිනි. තිරසාරත්වය මගින් පාරිභෝගික අත්දැකීම් සහ සේවා ගුණාත්මකභාවය සෘජුවම ඉහළ නැංවිය හැකි ආකාරය පිළිබඳ මෙය උදාහරණයක් වේ. මෙම හෝටල් සමූහය විද්‍යුත් ගමනාගමනය වෙත මාරුවීම මගින් පරිසරයට සිදුවන බලපෑම අවම කරන අතරම, දෛනික මෙහෙයුම් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකා පුරා විවිධ හෝටල් ස්ථාන අතර අභ්‍යන්තර ගමනාගමනය සහ සැපයුම් කටයුතුවල දී සිදු වන පාරිසරික බලපෑම් අඩු කරයි.
Evolution Auto හි වාණිජ වාහන අංශයේ අලෙවිකරණ ප්‍රධානී ඩිවාන් විජේරත්න මහතා, “Radisson Hotels Sri Lanka සමඟ ඇති මෙම සහයෝගීතාව, ප්‍රමුඛ පෙළේ සත්කාරක සන්නාමයන් තිරසාරත්වය කෙරෙහි දක්වන ප්‍රවේශය පැහැදිලිවම වෙනස් වී ඇති බව පෙන්වනවා. Evolution Auto හි අපගේ අවධානය යොමු වී තිබෙන්නේ සැබෑ ලෝකයේ වාණිජ අවශ්‍යතා සපුරාලන පරිදි සකස් කරන ලද විද්‍යුත් ගමනාගමන විසඳුම් ලබා දීමයි. KYC සහ King Long යන විද්‍යුත් වෑන් රථ දෙවර්ගයම, සේවක ප්‍රවාහනය සහ අභ්‍යන්තර ගමනාගමනය සඳහා භාවිතා කිරීමෙන් කාර්යක්ෂමතාව සහ සේවා විශ්වාසනීයතාව ශක්තිමත් කරයි. මෙහෙයුම් විශිෂ්ටත්වය තිරසාරත්වය එකට අන්තර්ගත කරන ඒකාබද්ධ සැලසුමක් සංවර්ධනය කිරීමට Radisson වෙත සහාය වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.” යනුවෙන් සිය අදහස් දැක්වීය.
මෙම මුලපිරීම සත්කාරක සහ සංචාරක කර්මාන්තයේ පවතින පුළුල් ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි. එහිදී තිරසාරත්වය මෙහෙයුම්වලට වඩාත් සම්බන්ධ වී ඇත. Radisson Hotels Sri Lanka විසින් විද්‍යුත් වාහන දෛනික මෙහෙයුම්වලට එක් කිරීම මඟින් පරිසර සහ ව්‍යාපාරික වටිනාකමක් එකට ලබා දිය හැකි ආකාරය ආදර්ශයෙන් පෙන්වා දෙයි
මෙම ව්‍යාපෘතිය, විද්‍යුත් වාහන පෞද්ගලික භාවිතය සඳහා පමණක් සුදුසු බව හෝ ඉතා මිල අධික බවට පවතින සාම්ප්‍රදායික මතයන්ට අභියෝග කරයි. එය, මිලදී ගැනීමේ කණ්ඩායම්, රථ සමූහ කළමනාකරුවන් සහ සමාගම් ප්‍රධානීන් වැනි ව්‍යාපාරික පරිසරයක විද්‍යුත් වාහන සාර්ථකව භාවිතා කළ හැකි ආකාරයක ප්‍රායෝගික උදාහරණයක් සපයයි.
Evolution Auto, කාර්මික අවශ්‍යතාවලට ගැළපෙන, වාණිජමය වශයෙන් ප්‍රායෝගික විසඳුම් කේන්ද්‍ර කරගත් විද්‍යුත් වාහන නිෂ්පාදන ලබා දෙමින් ශ්‍රී ලංකාව පිරිසිදු ප්‍රවාහනයක් වෙත යොමු කිරීමට සහාය වන ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස අඛණ්ඩව කටයුතු කරයි.
වැඩි විස්තර සඳහා www.evolutionauto.lk පිවිසෙන්න හෝ 0777 553 355 අමතන්න.
