2025 වස­රේදී Chevron Lanka ඉහ­ළම ඉපැ­යීම වාර්තා කරයි

කොළඹ කොටස් වෙ‍ළෙඳ­පොළේ (CSE) ලැයි­ස්තු­ගත ප්‍රමුඛ සමා­ග­මක් වන Chevron Lubricants Lanka PLC (LLUB), 2025 වස­රේදී ඉති­හා­සයේ ඉහ­ළම ආදා­යම වාර්තා­ක­ර­මින් සුවි­ශේෂී මූල්‍ය සන්ධි­ස්ථා­න­යක් සනි­ටු­හ­න්කර ඇත.

CSE වෙතින් නිකුත් කරන ලද සිව්වන කාර්තු­වට අදාළ අතුරු මූල්‍ය ප්‍රකා­ශ­න­ව­ලට අනුව Chevron Lanka සමා­ගම රුපි­යල් බිලි­යන 24.39ක වාර්තා­ගත පිරි­වැ­ටු­මක් (Topline) හිමි­ක­ර­ගෙන ඇති අතර සමා­ගමේ ශුද්ධ ඉපැ­යීම් පළ­මු­ව­රට රුපි­යල් බිලි­යන 4 සීමාව ඉක්මවා යමින් මෙරට ව්‍යාපා­රික ක්ෂේත්‍රයේ සුවි­ශේෂී සන්ධි­ස්ථා­න­යක් සනි­ටු­හන් කිරී­ම­ටද සමත්ව තිබේ.

2025 ජන­වාරි සිට දෙසැ­ම්බර් දක්වා කාලය තුළ සමා­ගම වාර්තා­ගත ආදා­ය­මක් උපයා ඇති අතර, විකු­ණුම් පරි­මාවේ වාර්තාවූ ඉහළ ප්‍රති­ශ­තා­ත්මක වර්ධ­නය ඒ සඳහා මූලික විය. මෙම විශිෂ්ට මූල්‍ය ක්‍රියා­කා­රී­ත්වය හේතු­වෙන් වසර නව­ය­කට පසු වාර්තා වූ ඉහ­ළම කොට­ස­කට ලාභාං­ශය (Dividend per share) වන රුපි­යල්16ක් සහ වසර පහ­කට පසු වාර්තාවූ ඉහ­ළම ලාභාංශ ගෙවීමේ ප්‍රති­ශ­තය percentage) වන 95%ක් සිය කොටස් හිමි­ය­න්වෙත ලබා­දී­මට සමා­ග­මට හැකි­යාව ලැබී ඇත.

උපුටා ගැනීම : දිනමිණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top