ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවයෙන් ඩොලර් මිලියන 18ක් WindForce වෙත

මෙරට ප්‍රමුඛතම ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන WindForce PLC, එක්සත් ජනපද ඩොලර් මිලියන 18ක මූල්‍ය පහසුකමක් ලබා ගැනීම වෙනුවෙන් ලෝක බැංකු සමූහයේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව (International Finance Corporation – IFC) සමග ගිවිසුමකට එළඹ තිබේ.

අදියර දෙකක් යටතේ මෙම මූල්‍ය පහසුකම ලබා දීමට නියමිත අතර එහිදී පළමු අදියර යටතේ ඩොලර් මිලියන 10ක් සියඹලාන්ඩුවේ මෙගාවොට් 100ක සූර්ය බලශක්ති උද්‍යානයේ හිමිකාරීත්වය අත්පත් කර ගැනීම වෙනුවෙන් ලබා දෙනු ඇත. වර්තමානයේ දී රිවිදනවි (පුද්) සමාගම විසින් එහි අයිතිය සහ මෙහෙයුම් පවත්වා ගෙන යනු ලැබේ.

දෙවන අදියර යටතේ ඩොලර් මිලියන 8ක් ලබා දෙන අතර එය සමාගම හෝ එහි අනුබද්ධිත සමාගමක් විසින් නිරත ඕනෑම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා හෝ බැටරි ගබඩා පහසුකම් ව්‍යාපෘතීන් වෙනුවෙන් උපයෝජනය කිරීමට නියමිතය.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top