ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අද (30) දිනයේ දී සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 10.30 පමණ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 125 සීමාව ඉක්මවා ගොස් තිබුණු අතර ඩොලර් 125.15ක් ලෙසින් ඒ වන විට මිල වාර්තා වී තිබුණි. එය පෙර දිනයට සාපේක්ෂව 7.12%ක විශාල ඉහළ යාමකි.
මේ අතර WTI බොරතෙල් මිල 3.03%ක ඉහළ යාමක් මේ වන විට වාර්තා කර ඇති අතර එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 109.85ක් ලෙසින් සටහන්ව ඇත.
උපුටා ගැනීම : අද දෙරණ
