තාරුණ්‍යයේ රැකියා නියුක්තිය ඉහළ නැංවීම සඳහා Cultus Workforce Development Services ආයතනය AWS (AWS re/Start) සමඟින් ශ්‍රී ලංකාව තුළ වැඩසටහන් මාලාවක්  දියත් කරයි

Cultus Education and Technology Services හි අනුබද්ධිත ආයතනයක් වන Cultus Workforce Development Services Pvt Ltd විසින් සිය ශ්‍රී ලාංකේය මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කළ බව පසුගියදා පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ප්‍රකාශයට පත් කළේය. මෙහිදී ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය පරිවර්තනය කිරීම, ගෝලීය මට්ටමේ නිපුණතා වර්ධනය සහ රැකියා අවස්ථා ලබා දීම කෙරෙහි අවධානය යොමු කරන සංවිධානයක ආගමනය සනිටුහන් කරනු ලැබීය. ලාංකේය තරුණ තරුණියන්ට ආයතනික පරිසරයක සාර්ථක වීමට සහ අර්ථවත් රැකියාවක් ලබා ගැනීමට අවශ්‍ය කුසලතා, ආකල්ප සහ නිපුණතා ලබා දීම සඳහා Cultus Job Readiness (CJR) වැඩසටහන නිර්මාණය කර ඇත. ඊට අමතරව Cultus සමාගම ශ්‍රී ලංකාව වෙත පළමු වරට ප්‍රවේශ වන මෙම සුවිශේෂී ගමනේම කොටසක් ලෙස Amazon Web Services (AWS) සමඟ සහයෝගයෙන් ලොව පිළිගත් AWS re/Start වැඩසටහන ද මෙරටට හඳුන්වාදීම විශේෂත්වයකි.

AWS re/Start වැඩසටහන යනු ක්ලවුඩ් කම්පියුටින් (Cloud Computing) ක්ෂේත්‍රයේ ප්‍රවේශ මට්ටමේ වෘත්තීන් සඳහා පුද්ගලයන් සූදානම් කිරීම සඳහා තාක්ෂණික පුහුණුව සහ ප්‍රායෝගික කුසලතා ඒකාබද්ධ කරනු ලබන වැඩසටහනකි. මීට සමගාමීවම, Cultus Job Readiness (CJR) වැඩසටහන මගින් අධ්‍යාපනය සහ රැකියා නියුක්තිය අතර පවතින පරතරය පියවීම සඳහා සහභාගිවන්නන් වෘත්තීය පරිසරයට සහ දිගුකාලීන වෘත්තීය සංවර්ධනයට හුරු කරවනු ලබයි. මෙම වැඩසටහන සඳහා දැනටමත් අයදුම්කරුවන්  400කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට සිය කැමැත්ත පළ කර ඇත. එයින් පෙනී යන්නේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් අතර ඉහළ ගෝලීය වටිනකමක් සහිත ඩිජිටල් කුසලතා සහ සහතික කිරීම් සඳහා පවතින උනන්දුවයි. පසුගියදා ආරම්භ වූ AWS re/Start සමාරම්භක සිසු කණ්ඩායම සඳහා ඩිජිටල් ආර්ථිකය තුළ වෘත්තීය අවස්ථා අපේක්ෂා කරන පිරිස් ඉතා උද්යෝගයෙන් සහභාගී විය.

ඉන්දියාව, ඉන්දුනීසියාව සහ මියන්මාරය ඇතුළු රටවල් ගණනාවක තරුණ තරුණියන්ගේ කුසලතා ඉහළ නංවාලීම, රැකියා නියුක්තිය වැඩිදියුණු කිරීම සහ රැකියා ලබා දීම සම්බන්ධයෙන් සාර්ථක ඉතිහාසයක් හා පළපුරුද්දක් Cultus ආයතනය සතුව ඇත. අනාගත අභියෝගවලට සූදානම් ශ්‍රම බලකායක් ගොඩනැගීම හරහා මෙරට ආර්ථික සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට Cultus සමාගම ශ්‍රී ලංකාවට පිවිසීම ඔස්සේ ප්‍රධාන වශයෙන් අරමුණු කරනු ලබයි.

මූලික වැඩසටහන්වලින් ඔබ්බට ගොස්, ඉහළ ඉල්ලුමක් ඇති විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයින් පුහුණු කිරීමේ දිගුකාලීන දැක්මක් ද Cultus Workforce Development Services සතු පවතී. 5G ජාල ගෘහ නිර්මාණ ශිල්පය (5G network architecture), අර්ධ සන්නායක තාක්ෂණය (Semiconductor technologies), විද්‍යුත් වාහන (EV) තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ Generative AI, රොබෝ තාක්ෂණය සහ ස්වයංක්‍රීයකරණය (Robotics & Automation), IoT සහ සයිබර් ආරක්ෂණය (Cybersecurity) මෙම දියුණු ක්ෂේත්‍ර අතර වේ.

මෙම හඳුන්වා දීමේ උත්සවයේ දී අදහස් දක්වමින් Cultus Workforce Development Services Pvt Ltd හි ප්‍රධාන විධායක නිලධාරිනී අශානි ජයසිංහ මහත්මිය මෙසේ සඳහන් කළාය. “ශ්‍රී ලංකාවේ අපගේ ආයතනය ස්ථාපිත කිරීමේ ආරම්භක පියවර යනු, වඩාත් ඩිජිටල් සහ තරඟකාරී වන ලෝකයක දියුණු වීමට අවශ්‍ය කුසලතාවලින් තරුණ තරුණියන් සන්නද්ධ කිරීමේ දිගුකාලීන කැපවීමක ආරම්භයයි. AWS re/Start සහ අපගේ Cultus Job Readiness වැඩසටහන වැනි මුලපිරීම් හරහා අපි තරුණ තරුණියන්ට තාක්ෂණික කුසලතා ලබා දීමට අමතරව සැබෑ ලෝකයේ වෘත්තීය ජීවිතය සඳහා ඔවුන්ව සූදානම් කරනවා.”

Cultus Education හි නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ නලින් සිං මහතා ද තම අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “සංවිධානාත්මක කුසලතා වර්ධනය සහ රැකියා ලබා දීමේ වැඩසටහන්වල පවතින පරිවර්තනීය බලය පිළිබඳ අපට පරිණත හා ප්‍රායෝගික අත්දැකීම් තිබෙනවා. ඒ අනුව මේ වන විට ලංකාව තුළ පවතින තාරුණ්‍යයේ කුසලතා සංවර්ධනයේ හිඩස පිරවීමට අප ලොව පිළිගත් තාක්ෂණික සමාගම් හා වෙනත් ආයතන හා සහසම්බධව මෙම වැඩසටහන් මාලාව හඳුන්වාදී තිබෙනවා. එසේම ඒ හරහා මෙරට තරුණ තරුණියන්ගේ කුසලතා ජාත්‍යන්තරය වෙත ගෙන ඒමටද අප බලාපොරොත්තු වෙනවා.”

තවද, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ AWS Academy සහ AWS Educate වැනි ගෝලීය ඉගෙනුම් වේදිකා හඳුන්වා දීමට ද Cultus Workforce Development Services ආයතනය ක්‍රියාකාරී වැඩපිළිවෙලක් මෙහෙයවනු ඇත. මෙමගින් විශ්වවිද්‍යාල සිසුන්ට තමන් තෝරාගන්නා කර්මාන්තයට ගැළපෙන ක්ලවුඩ් සහ ඩිජිටල් කුසලතා වෙත ප්‍රවේශ වීමට අවස්ථාව සැලසෙනු ඇත. මෙය ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල් ආර්ථික උපායමාර්ගය – 2030 (The National Digital Economy Strategy for Sri Lanka – 2030) සමඟ ද සමපාත වීම විශේෂත්වයකි.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න: www.cultusworkforce.com හෝ https://cultusedu.com/

END

වැඩි විස්තර සඳහා: [email protected] | +94 77 739 7174 – ප්‍රධාන විධායක නිලධාරිනී අශානි ජයසිංහ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top