
මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Fairway Holdings සමූහයට අයත් ‘F Entertainment’ ආයතනය විසින් ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර සංස්කෘතික සබඳතා තවදුරටත් සවිමත් කිරීමේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් , ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (AHK Sri Lanka) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. ඒ අනුව, සැබෑ ජර්මානු අත්දැකීමක් සමීප කරවන Oktoberfest උත්සවයක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත වේ.
කොළඹ පිහිටි AHK ශ්‍රී ලංකා කාර්යාලයේ දී පසුගිය දා මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුණු අතර ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු තානාපති අතිගරු ආචාර්ය ෆීලික්ස් නියුමන් (H.E. Dr. Felix Neumann) මහතා ද මේ අවස්ථාවට සහභාගී විය. මෙම උත්සවය ඔක්තෝබර් 14 වනදා සිට 17 වනදා දක්වා කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර,සහභාගී වන්නන් වෙත මෙතෙක් ශ්‍රී ලංකාවේ අත්නොවිඳි Bavarian සංස්කෘතික අත්දැකීමක් හිමිවනු ඇත.
මෙම “AHK Sri Lanka Oktoberfest by Fairway” උත්සවය ජර්මානු ආයතනයක සෘජු දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ සංවිධානය කරනු ලබන ප්‍රථම ‘ඔක්ටෝබර් ෆෙස්ට්’ උත්සවය වීම ද විශේෂත්වයකි. ජර්මනියේ සුප්‍රසිද්ධ ‘Oompah’ සංගීත කණ්ඩායමක සංගීතයෙන් ද මෙම උත්සවය රසගැන්වීමට බලාපොරොත්තු වන අතර Bangkok, Ho Chi Minh City, Da Nang, සහ Hanoi යන නගරවල සංචාරය කිරීමෙන් අනතුරුව ඔවුන් සිය ලෝක සංචාරයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ දී ප්‍රසංග පවත්වනු ඇත.
මෙම උළෙල හරහා මුනිච් නුවර සුප්‍රසිද්ධ බියර් හල්වල ඇති උද්යෝගය ප්‍රතිනිර්මාණය කරන අතර, මෙහිදී Pretzels, Schnitzels සහ රසවත් සොසේජස් ඇතුළු සාම්ප්‍රදායික බවාරියන් ආහාරපාන මෙන්ම උසස් තත්ත්වයේ බියර් වර්ග ද රසවිඳීමට අවස්ථාව සැලසේ. සජීවී ‘Oompah’ සංගීතය සහ ජර්මානු සංස්කෘතිය විදහා දක්වන විචිත්‍රවත් අංගයන්ගෙන් සමන්විත මෙම උත්සවය, සහභාගී වන්නන්ගේ හදවත් කොළඹ සිට ජර්මනිය වෙත රැගෙන යනු නිසැකය.
මේ පිළිබඳව අදහස් දක්වමින් Fairway Holdings හි සභාපති විරාත් ද අල්විස් මහතා මෙසේ සඳහන් කළේය, ” ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩලය සමඟ එක්ව සැබෑ ජර්මානු Oktoberfest උත්සවයක් මෙරට දී පැවැත්වීමට ලැබීම අපට සැබෑ ගෞරවයක් වන අතර සුවිශේෂී අත්දැකීම් සහිත සංස්කෘතික හුවමාරු කේන්ද්‍රස්ථානයක් බවට කොළඹ නගරය ගොඩනැංවීම සඳහා අප සතු දැක්ම මෙයින් තවදුරටත් ශක්තිමත් වෙනවා. දින හතරක් පුරා පැවැත්වෙන මෙම සැමරුම ඔස්සේ ජර්මානු සංස්කෘතිය ශ්‍රී ලාංකිකයන් වෙත සමීප කරමින් දෙරට අතර සංස්කෘතික සබඳතාවයක් නිර්මාණය කරනවා.”
“Fairway ආයතනය මීට පෙර ද සාර්ථක ලෙස Oktoberfest උත්සව පවත්වා තිබෙන අතර ඉතාමත් සුවිශේෂී ජර්මානු අත්දැකීමක් සමඟ යළිත් මේ උත්සවය සංවිධානය කිරීමට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.
AHK ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත මාර්ටින් ක්ලෝස් (Martin Klose) මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය. “සංස්කෘතික හුවමාරුව මගින් ජාතීන් අතර සබඳතා කෙතරම් ගැඹුරු කළ හැකි ද යන්න පිළිබඳව මෙම හවුල්කාරිත්වය කදිම නිදසුනක්. Oktoberfest යනු ජර්මනියේ ඉතා ඉහළින් අගය කරන සම්ප්‍රදායක් වන අතර, එය ශ්‍රී ලාංකික ජනතාව සමඟ බෙදා ගැනීමට ලැබීම ගැන අප ඉතාමත් සතුටු වෙනවා.”
මෙම “AHK Sri Lanka Oktoberfest by Fairway” උත්සවය දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ ද ආකර්ෂණය දිනා ගනු ඇතැයි අපේක්ෂා කරන අතර, එමගින් දකුණු ආසියාවේ ප්‍රබල සංස්කෘතික සංචාරක ගමනාන්තයක් ලෙස කොළඹ නගරය තවදුරටත් ප්‍රවර්ධනය වනු ඇත.
