සෙලාන් බැංකුවේ 5 වෙනි තැනට විශාලතම කොටස් හිමියා වූ NDB බැංකුව, තමන් සතුව පැවති සෙලාන් බැංකුවේ 8.72%ක කොටස් හිමිකාරීත්වය අද (11) දිනයේ දී අලෙවි කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව NDB බැංකුව සතුව පැවති සෙලාන් බැංකුවේ ඡන්ද බලය හිමි 26,631,495ක කොටස් ප්‍රමාණයක් අද දිනයේ දී හුවමාරු වී තිබේ.
මෙහිදී එක් කොටසක් රු. 104.00 බැගින් හුවමාරු වී ඇති අතර එම ගනුදෙනුවේ මුළු වටිනාකම රු. බිලියන 2.76 කි.
ගැනුම්කාර පාර්ශවය පිළිබඳ අනාවරණයක් මේ දක්වා සිදු වී නොමැත.
2026 මාර්තු 31 දින වන විට සෙලාන් බැංකුවේ විශාලතම කොටස් හිමියන් 20 දෙනා පහත පරිදි වේ.

උපුටා ගැනීම : අද දෙරණ
