එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම මේ වන විට ඉතා වේගවත් වී තිබේ.
අද (20) දින ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 332.08 ක් දක්වා සහ විකුණුම් මිල රු. 342.70ක් දක්වා ඒ අනුව වැඩි වී තිබේ.
2023 මාර්තු 20 දිනෙන් පසු ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාතිකයන් වෙනුවෙන් වාර්තා වී තිබෙන ඉහළම මිල ගණන් මේ අනුව අද දින වාර්තා වී ඇත.
උපුටා ගැනීම : අද දෙරණ
