Evolution Auto සහ EVO Charge එක්ව  60kW Dual-Gun විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථානයක් පෑලියගොඩ දී ස්ථාපිත කරයි.

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ගමනාගමනය වැඩි දියුණු කිරීම සඳහා තම කැපවීම තවදුරටත් තහවුරු කරමින්, Evolution Auto සමාගම EVO Charge සමඟ එක්ව පෑලියගොඩ පිහිටි Evolution Auto අලෙවියෙන් පසු සේවා සංකීර්ණයේ දී,   වාහන දෙකක් එකවර වේගයෙන් ආරෝපණය කළ හැකි, ඉහළ වේගයකින් (60kW Dual-Gun DC) ක්‍රියා කරන විද්‍යුත් වාහන වේගවත් ආරෝපණ මධ්‍යස්ථානයක් නිල වශයෙන් ස්ථාපිත කර ඇත.

මෙවැනි ඉහළ ධාරිතාවයකින් යුත් වේගවත් ආරෝපණ පහසුකම් පෙර නොතිබූ ප්‍රදේශයකට හඳුන්වා දීමේ මෙම ක්‍රමෝපායික පියවර ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන යටිතල පහසුකම් සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකෙයි.

මෙහි විශේෂත්වය නම්, එකවර වාහන දෙකක් ආරෝපණය කරගත හැකි වීමයි. මින් විද්‍යුත් වාහන පදවන්නන්ගේ පහසුව සැලකිය යුතු ලෙස ඉහළ යාමටත්, ආරෝපණ කාලය වේගවත් වීමටත් දායක වේ. App මඟින් ප්‍රවාහන සේවා සපයන රියදුරන් සහ සමාගම් වාහන කණ්ඩායම් වැනි වාණිජ භාවිතාකරුවන්ට ඇතුළු සෑම EV වාහන භාවිතා කරන්නෙකුටම ආරක්ෂිත හා වෘත්තීයමය පරිසරයක් තුළ, දවසේ ඕනෑම වේලාවක (24/7) ආරෝපණ සේවාව මෙහිදී ලබා ගත හැකිය.

මෙම ආරම්භය වෙනුවෙන් Evolution Auto සමාගම විශේෂ හඳුන්වාදීමේ දීමනාවක් ද පිරිනමනු ලබයි. මැයි 20 සිට ජූනි 21 දක්වා කාලය තුළ Evolution Auto පාරිභෝගිකයින්ට ඔවුන්ගේ පළමු වාහන ආරෝපණය සම්පූර්ණයෙන්ම නොමිලේ කරගත හැක. එමෙන්ම, අනෙකුත් සියලුම EV වාහන හිමියන්ට ද එම කාලය තුළම ආරෝපණ ගාස්තු සඳහා 50% ක වට්ටමක් හිමිවනු ඇත.

ශ්‍රී ලංකාව පුරා විද්‍යුත් වාහන භාවිතය වේගයෙන් ඉහළ යමින් පවතින අතර, විශ්වාසදායක හා පහසුවෙන් ප්‍රවේශ විය හැකි යටිතල පහසුකම් එම වර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. මෙම අවශ්‍යතාවය සපුරාලීම සඳහා Evolution Auto විසින් ස්ථාපිත කළ මෙම නවතම ආරෝපණ පහසුකම, විශේෂයෙන් පෑලියගොඩ වැනි රථවාහන ගමනාගමනය අධික නාගරික ප්‍රදේශවල විද්‍යුත් වාහන භාවිතාකරුවන්ට වඩාත් පහසු සහ කාර්යක්ෂම ගමනාගමන අත්දැකීමක් ලබා  දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Evolution Auto හි  අලෙවියෙන් පසු සේවා අංශයේ ප්‍රධානී, නුරාන් සිල්වා මහතා, “මෙම 60kW Dual-Gun වේගවත් ආරෝපණ මධ්‍යස්ථානය ආරම්භ කිරීම, ශ්‍රී ලංකාව විද්‍යුත් ගමනාගමනය වෙත යොමු කිරීම සඳහා  අපගේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරනවා. විද්‍යුත් වාහන භාවිතය වේගවත් කිරීම සඳහා විශ්වාසදායක, වේගවත් සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ආරෝපණ යටිතල පහසුකම් අත්‍යවශ්‍ය වෙනවා. පෑලියගොඩ දී ස්ථාපිත කළ මෙම මධ්‍යස්ථානය ඒ සඳහා වූ ප්‍රධාන ක්‍රමෝපායික ස්ථාපිත කිරීමක්. මෙම වැඩපිළිවෙළ ඔස්සේ ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන පරිසර පද්ධතිය වර්ධනය කිරීමට අපි සහාය වන අතර, අපගේ පාරිභෝගිකයන්ගේ විද්‍යුත් වාහන භාවිත අත්දැකීම් හි දී වැඩි පහසුවක් සහ විශ්වාසයක් ලබා දීමට අපේක්ෂා කරනවා.” යනුවෙන් සිය අදහස් දැක්වීය.

පෑලියගොඩ ආරෝපණ මධ්‍යස්ථානය Evolution Auto හි  අලෙවියෙන් පසු සේවා සංකීර්ණය තුළ පිහිටා ඇත. විශාල ඉඩකඩ, පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක් සහ ආරක්ෂිත පරිසරයක් ඉන් ලබා දෙයි. විද්‍යුත් වාහන රථ රියදුරන්ට පැය 24 පුරාම විශ්වාසදායක ආරෝපණ සේවාවක් ලබාගත හැකි වීම, මෙම පහසුකමේ ඇති වැදගත් වාසියකි.

Evolution Auto සහ EVO Charge එක්ව, පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රථම වරට හඳුන්වා දෙන මෙම වේගවත් ආරෝපණ මධ්‍යස්ථානය මඟින් ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන භාවිතයේ ඇති ප්‍රායෝගිකත්වය පිළිබඳ මතයන් වෙනස් කරමින්, කාර්යක්ෂමව සහ පහසුවෙන් ආරෝපණ පහසුකම් ලබාගත හැකි බව සනාථ කරමින් සිටියි.

ශ්‍රී ලංකාව හරිත ගමනාගමනයක් වෙත ගෙන යාම වෙනුවෙන් Evolution Auto සමාගම ඉදිරියෙන් සිටින බව, මෙම සංවර්ධනය තුළින් පෙන්වන අතර, තිරසාර ප්‍රවාහන ක්‍රම ප්‍රවර්ධනය කිරීම සහ කාබන් විමෝචන අඩු කිරීම සඳහා සමාගම දරන උත්සාහයන් ද මෙමඟින් පිළිඹිබු කරයි.

වැඩිදුර තොරතුරු සඳහා www.evolutionauto.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top