ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ශ්‍රී ලංකාවේ ප්‍රථම GWM Flagship Experience Centre විවෘත කරයි

කොළඹ යුනියන් පෙදෙසේදී සුඛෝපභෝගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව යුගයක් ඇරඹෙයි

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමූහ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ දිසානායක මහතා සහ ඩේවිඩ් පීරිස් ඔටෝමෙබයිලස් (ප්‍රයිවට්) ලිමිටඩ් අධ්‍යක්ෂ මහේෂ් ද ගුණතිලක මහතා සහ අනෙකුත් ආරාධිත අමුත්තන් සමග නව ප්‍රර්ශනාගාරය විවෘත කිරීමට පීත්ත පටිය කැපූ අයූරු

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් වාහන අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය නවතම GWM Flagship Experience Centre කොළඹ 02, යුනියන් පෙදෙස, ඇක්සස් ටවර්හිදී උත්කර්ෂවත් ලෙස විවෘත කරන ලදී.

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයෙකු වන GWM සමාගමේ නවතම නවෝත්පාදන සහ තාක්ෂණයන් එකම වහලක් යටින් පාරිභෝගිකයා වෙත සමීප කරවීම සඳහා මෙම නවීනතම මධ්‍යස්ථානය සැලසුම් කර ඇත. ශ්‍රී ලංකාවේ මෙවැනි ආකාරයේ ප්‍රථම සහ එකම වාහන අත්දැකීම් මධ්‍යස්ථානය මෙය වන අතර එය සාම්ප්‍රදායික ප්‍රදර්ශනාගාර සංකල්පයෙන් ඔබ්බට ගිය අති නවීන පාරිභෝගික අත්දැකීමක් සපයයි.

මෙහි පැමිණෙන පාරිභෝගිකයින්ට GWM සන්නාමයේ සුඛෝපභෝගී SUV සහ විද්‍යුත් වාහන (EV) මාදිලි රැසක් පරීක්ෂා කිරීමට අවස්ථාව ලැබෙන අතර ඒ අතර HAVAL H6 HEV, HAVAL H6 PHEV, HAVAL H6 GT PHEV, TANK 300 HEV සහ TANK 500 HEV යන මාදිළි ඇතුළත් වේ.

මීට අමතරව වාහන ප්‍රදර්ශන කලාප (demonstration zones), පරීක්ෂණ ධාවන අවස්ථා (test-drive) සහ වාහනයක් මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනස්ම මාවතකට යොමු කරන නව්‍ය පාරිභෝගික සේවා රැසක් ද මෙහිදී අත්විඳිය හැකිය. ඉදිරි මාස කිහිපය තුළදී සම්පූර්ණ විද්‍යුත් වාහන (Fully Electric Vehicles) ඇතුළු නවතම වාහන මාදිලි කිහිපයක් හඳුන්වා දෙමින් GWM නිෂ්පාදන එකතුව ශ්‍රී ලංකාව තුළ තවදුරටත් පුළුල් කිරීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සමාගම සැලසුම් කර ඇත.

දශක හතරකට වැඩි විශ්වාසනීය ඉතිහාසයක් ඇති ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය, මෙරට මෝටර් රථ ක්ෂේත්‍රය තුළ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් සැපයීම සම්බන්ධයෙන් ඉහළ කීර්තියක් උදාකරගෙන සිටියි. GWM පාරිභෝගිකයින් වෙත ඇති කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සමාගම විසින් කොළඹ 02, හයිඩ් පාර්ක් කෝනර්, අංක 75 දරන ස්ථානයේ විශේෂිත GWM සේවා මධ්‍යස්ථානයක් දැනටමත් ස්ථාපිත කර ඇත. එමෙන්ම දිවයින පුරා ව්‍යාප්ත වූ බලයලත් සේවා නියෝජිත ජාලයක් හරහා වඩාත් පහසු සහ විශ්වසනීය අලෙවියෙන් පසු සේවාවක් සහතික කිරීමට ද පියවර ගෙන තිබේ.

මෙම සමාරම්භක උත්සවය පිළිබඳව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සමාගමේ අධ්‍යක්ෂ මහේෂ් ගුණතිලක මහතා මෙසේ පැවසීය. “GWM Flagship Experience Centre විවෘත කිරීම ශ්‍රී ලංකාව තුළ GWM සන්නාමය සමඟ අප යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක්. පාරිභෝගිකයින්ට ලෝක මට්ටමේ මෝටර් රථ තාක්ෂණය, ඉහළම සුවපහසුව සහ උසස් ආරක්ෂණ විශේෂාංග අත්විඳීමට අවස්ථාව සලසා දෙන මෙරට පළමු විශේෂිත අත්දැකීම් මධ්‍යස්ථානය මෙයයි. GWM සන්නාමය දැරිය හැකි මිලකට ඉහළ පෙළේ සුඛෝපභෝගී බව සහ නවෝත්පාදනයන් ලබා දෙමින් නවීන ප්‍රවාහන ක්ෂේත්‍රය උඩුයටිකුරු කර තිබෙනවා. මෙම සුවිශේෂී අත්දැකීම ශ්‍රී ලාංකීය මෝටර් රථ ලෝලීන්ට දායාද කිරීමට ලැබීම පිළිබඳව අප ආඩම්බර වෙනවා.”

මෙම ප්‍රමුඛතම මධ්‍යස්ථානය විවෘත කිරීම මඟින් ශ්‍රී ලංකාව තුළ GWM සන්නාමයේ පැවැත්ම ශක්තිමත් කිරීමට මෙන්ම, ඩේවිඩ් පීරිස් සමූහයේ ප්‍රකට අලෙවි සහ අලෙවියෙන් පසු සේවා විශේෂඥතාවයේ සහාය ඇතිව පාරිභෝගිකයින්ට අසිරිමත් වාහන හිමිකාරීත්වයක අත්දැකීමක් ලබා දීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සමාගම සතු කැපවීම නැවත වරක් තහවුරු කරයි.

GWM වාහන මාදිලි පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට, පරීක්ෂණ ධාවනයක් වෙන්කරවා ගැනීමට (Test drive booking) හෝ පූර්ව ඇණවුම් (Pre-bookings) සිදු කිරීමට කැමති පාරිභෝගිකයින්ට 011 7888 866 ඇමතීමෙන්, www.gwmsrilanka.lk  නිල වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ GWM Sri Lanka by DPA නිල ෆේස්බුක් පිටුව වෙත පිවිසීමෙන් නවතම තොරතුරු සහ ප්‍රවර්ධන වැඩසටහන් පිළිබඳව දැනුවත් විය හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top