මහ බැංකුවේ ඩොලර් මිලත් වාර්තාගත ලෙස පහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් අද (15) දිනයේ දී කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ.

ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රු. 331.42 සිට රු. 326.34ක් දක්වා ත්, විකුණුම් මිල රු. 341.36 සිට රු. 336.58ක් දක්වා ත් පහළ ගොස් තිබෙන අයුරු නිරීක්ෂණය කළ හැකිය.

මේ අතර අද (15) පෙරවරුවේ දී මෙරට වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පසුගිය සිකුරාදා (12) දිනට සාපේක්ෂව පහළ ගොස් තිබුණි.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top