ජීව කාලය අවසන් වෙමින් පවතින ගගන නාවික පණිවිඩ හැසිරවීමේ පද්ධතිය ප්‍රතිස්ථාපනය සඳහා රු. බිලියනයක ඇස්තමේන්තුවක්

ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ගුවන් සේවා ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් අතර මෙහෙයුම් සහ නිරුපද්‍රිතතා සඳහා ඉතා වැදගත් මූලික වේදිකාවක් ලෙස ගගන නාවික පණිවිඩ හැසිරවිමේ පද්ධතිය ක්‍රියා කරනු ලබයි. මෙරට ජාතික ගුවන් සංතරණ සේවා සැපයුම්කරු වන සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ දැනට පවතින ගගන නාවික පණිවිඩ හැසිරවීමේ පද්ධතියේ ජීව කාලය අවසන් වෙමින් පවතින බැවින්, දැනට පවතින පද්ධතිය වෙනුවට නවීන පද්ධතියක් සැපයීම, ස්ථාපනය කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.

ඒ අනුව, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ ප්‍රාග්ධන අයවැය යටතේ රුපියල් මිලියන 1,000ක ඇස්තමේන්තුගත පිරිවැයක් මත රත්මලානේ පිහිටි ගගන නාවික පණිවිඩ හැසිරවීමේ පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top