යූනියන් ඇෂුවරන්ස් සුවමඟ වෙතින් පොසොන් වන්දනා සමයේදී දහස් ගණනකට නොමිලේ දියවැඩියා තිරපරීක්ෂාවන් පිරිනැමෙයි

ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස් විසින්, සිය ප්‍රමුඛතම ප්‍රජා සත්කාර වැඩසටහන වන යූනියන් ඇෂුවරන්ස් සුවමඟ අනුරාධපුර පූජා නගරයට රැගෙන එනු ලැබිණි. පොසොන් සමය තුළදී ජූනි මස 28, 29 සහ 30 යන දින තුන පුරා සඳහිරු සෑය අසල පවත්වන ලද මෙම වැඩසටහන හරහා වන්දනාකරුවන්ට සහ තවත් විශාල පිරිසකට නොමිලේ දියවැඩියා තිරපරීක්ෂාවන් සහ දැනුවත්භාවය ලබාදීමට කටයුතු කෙරිණි. දයානුකම්පාව, පරිත්‍යාගශීලීත්වය සහ සුවසෙත සැලසීම මූලික කරගත් කාලපරිච්ඡේදයක් වන පොසොන් සමයේ හරය පිළිබිඹු කරමින්, සමාගම විසින් ශ්‍රී ලංකාවේ විශාලතම වන්දනා කාලපරිච්ඡේද අතරින් එකක් දහස් සංඛ්‍යාත පිරිසකට රෝග තත්ත්ව කල්තියා හඳුනාගැනීම සහ වළක්වාගැනීමේ සුවසේවා ලබාගැනීම හරහා වඩා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් හිමිකරගැනීම සඳහා ක්‍රියාශීලී පියවර ගත හැකි අවස්ථාවක් බවට පත්කරනු ලැබිණි.

වඩාත්ම වටින සැම දේ සැමදා සුරැකීමේ අරමුණ පෙරදැරි කරගනිමින්, මූල්‍ය රැකවරණයෙන් ඔබ්බට ජීවිත රක්ෂණයේ කාර්යභාරය වඩාත් පුළුල් කිරීමට යූනියන් ඇෂුවරන්ස් අඛණ්ඩව කටයුතු කරයි. දැනුවත්භාවය ඉහළ නැංවීම සහ රෝග තත්ත්ව සම්බන්ධයෙන් කල්තියා ක්‍රියාත්මක වීම සඳහා මඟපෙන්වන යූනියන් ඇෂුවරන්ස් සුවමඟ ඔස්සේ, වඩාත් සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් ගොඩනැඟීමට  සහාය වන අතරම රට පුරා විසිරී සිටින ජනතාව වෙතට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සෘජුව රැගෙන යෑමටද සමාගම කැපවී සිටියි. 

වර්ෂ 2024 දී ආරම්භ කරන ලද යූනියන් ඇෂුවරන්ස් සුවමඟ මේ වනවිට ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය තුළ ක්‍රියාත්මක වඩාත්ම අංගසම්පූර්ණ දියවැඩියා දැනුවත්කරණ සහ තිරපරීක්ෂා වැඩසටහන් අතරින් එකක් බවට වර්ධනය වී ඇත. මෙම වැඩසටහන දිස්ත්‍රික්ක 25 පුරාම ප්‍රජාවන් අතරට යමින් 23,500කට අධික පිරිසකට සෘජුවම ඵලදායී ප්‍රතිඵල හිමිකර දී ඇත්තේ මිලියන 1.2කට අධික පිරිසක් අතර දැනුවත්භාවය ඉහළ නංවමිනි. ශ්‍රී ලංකා දියවැඩියා සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගිතාවයෙන් යුතුව පිරිනමනු ලබන මෙම වැඩසටහන මඟින් කල්තියා රෝග තත්ත්වයන් හඳුනා ගැනීම සහ වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම පිණිස වෛද්‍ය විශේෂඥතාව, ආයතනික සහයෝගිතාව සහ ප්‍රජා සහභාගිත්වය වැනි විවිධ අංශ එකිනෙකට සම්බන්ධ කරනු ලැබේ. මහජන සෞඛ්‍යය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා මෙම වැඩසටහන මඟින් ලබාදී ඇති දායකත්වය, ස්වාධීනව තක්සේරු කරන ලද 2025 වසරේ යූනියන් ඇෂුවරන්ස් සුවමඟ ඵලදායිත්ව වාර්තාව මඟින් වැඩිදුරටත් තහවුරු වෙයි. වැඩසටහනට සහභාගි වූ ප්‍රතිලාභීන් අතරින් 71%ක් අතර යහපත් චර්යාත්මක වෙනස්කම් දැකගත හැකි වූ බව එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ මෙම නිහඬ මරුවාගේ දීර්ඝ-කාලීන බලපෑම පහළ දැමීම සඳහා කල්තියා රෝග තත්ත්වයන් හඳුනා ගැනීම සහ වඩාත් සෞඛ්‍ය සම්පන්න චර්යාවන් ප්‍රචලිත කිරීම සඳහා මෙම වැඩසටහන මඟින් ඉටුකර ඇති කාර්යභාරය විදහා දක්වමිනි.

වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී. හි ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න මෙසේ පැවසීය: “යූනියන් ඇෂුවරන්ස් හි අප විශ්වාස කරන්නේ වඩාත්ම වටින සැම දේ සැමදා සුරැකීම ආරම්භ වන්නේ රැකවරණය අවශ්‍ය වන මොහොතට බොහෝ කාලයකට පෙරාතුව බවයි. යූනියන් ඇෂුවරන්ස් සුවමඟ හඳුන්වාදෙනු ලැබුවේ දියවැඩියා තිරපරීක්ෂාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමේ හැකියාව ඇති කරමින්, රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් කල්තියා ක්‍රියාත්මකවීමේ උනන්දුව වර්ධනය කිරීමෙන් ශ්‍රී ලංකාවේ වඩාත්ම බියකරු මහජන සෞඛ්‍ය අභියෝග අතරින් එකක් ජයගැනීමේ අරමුණ ඇතිවයි. තමන්ගේ සෞඛ්‍යය රැකගැනීමට ක්‍රියාශීලීව පියවර ගැනීම සඳහා                ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සවිබල ගන්වන අතරම, විවිධ ජන ප්‍රජාවන් දක්වා ව්‍යාප්ත වෙමින් ආරම්භයේ සිටම මේ වැඩසටහන අඛණ්ඩව ජයග්‍රාහී වර්ධනයන් හිමිකරගෙන තිබෙනවා.”

“මේ කැපවීම තවදුරටත් පුළුල් කිරීමට පොසොන් සමය විසින් අපට අර්ථවත් අවස්ථාවක් පිරිනමා තිබෙනවා. රට පුරා විවිධ ප්‍රදේශවලින් දහස් සංඛ්‍යාත වන්දනා බැතිමතුන් අනුරාධපුරයට එක්රොක් වන මේ පොසොන් සමයේදී, බොහෝ වෙලාවට නිසි කලට වේලාවට සිදුකර ගත යුතු සෞඛ්‍ය පරීක්ෂාවන් පමා කිරීමට හේතු වන බාධක ඉවත් කරමින්, රෝග තත්ත්වයන් වළක්වා ගැනීමට වැදගත් වන සුවසේවාවන් සෘජුවම ඔවුන් අතරට ගෙන යෑමට අපට අවශ්‍ය වුණා. නිසි කලට වේලාවට ක්‍රියාත්මක වීමෙන් ලොකු වෙනසක් ඇති කළ හැකි නිසා, යූනියන් ඇෂුවරන්ස් සුවමඟ හරහා තමන්ගේ සෞඛ්‍යය තත්ත්වය හඳුනා ගැනීම සඳහා වැදගත් වන පළමු පියවර තැබීමට තව තවත් ශ්‍රී ලාංකිකයින් යොමුකිරීමට අප බලාපොරොත්තු වෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.    

යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2026 මාර්තු මාසය අවසාන වනවිට රු. බිලියන 40.6ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 96.2ක ජීවිත අරමුදලක් සහිතව දශක හතරකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යූනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.

යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී., ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) බලපත්‍රලාභී රක්ෂණ ආයතනයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top