ශ්‍රී ලංකාවේ අමන්ගල්ල ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී හෝටල් 100 අතරට

Travel And Tour World (TTW) විසින් 2026 වසර සඳහා ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී හෝටල් 100 නම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ අපට මෙහි ඇති විශේෂත්වය නම්, ගාල්ලේ පිහිටි අමන්ගල්ල හෝටලය මෙම ලැයිස්තුවේ 64 වෙනි ස්ථානයට පත්ව තිබීමයි.

ගාලු පුරවරයේ ගාලු කොටුවට සමීපව පිහිටි අමන්ගල්ල හෝටලය, නිරන්තරයෙන් සුඛෝපභෝගී ආගන්තුක සත්කාරයන් බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉහළ පෙළේ විදෙස් සංචාරකයින්ගේ නිබඳ පැසසුමට ලක් වූ පරිශ්‍රයකි.

මෙම ලැයිස්තුවේ පළමු තැන එක්සත් ජනපදයේ Amangiri හෝටලයට හිමිව ඇති අතර දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් කැනඩාවේ Clayoquot Wilderness Lodge සහ බ්‍රසීලයේ Copacabana Palace, A Belmond Hotel හෝටල් වෙත හිමිව ඇත.

මෙම සම්පූර්ණ ලැයිස්තුව පහතින් දැක්වේ.

පහත දැක්වෙන්නේ සුඛෝපභෝගී අමන්ගල්ල හෝටලයේ ඡායාරූප කිහිපයකි.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top