2026 වසරේ මැයි මාසයේ දී ඉන්ධන ආනයන වියදම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 112කින් එ. ජ. ඩොලර් මිලියන 536ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2026 මැයි මාසයේ විදේශ අංශ ක්‍රියාකාරීත්ව වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ ඒ සඳහා තෙල් මිල සහ ආනයන පරිමාවන් ඉහළ යාම හේතු වී ඇති බවයි.
කෙසේ වෙතත්, 2026 වසරේ මැයි මාසයේ ඉන්ධන ආනයන වියදම 2026 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 39.5කින් අඩු වී ඇති බව මහ බැංකුව අවධාරණය කර සිටී.
2026 මැයි මාසයේ දී පිරිපහදු කළ පෙට්‍රොලියම් නිෂ්පාදිත ආනයනය වෙනුවෙන් ඩොලර් බිලියන 418.7ක් වැයවීම ප්‍රධාන වශයෙන් එම මාසය තුළ ඉන්ධන ආනයන වියදම ඉහළ යාමට බලපා තිබේ. මීට අමතරව මැයි මාසය තුළ බොර තෙල් ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 94.9ක හා ගල් අඟුරු ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 22.4ක වියදමක් දරා තිබේ.
උපුටා ගැනීම : අද දෙරණ
