AHC සමූහ ව්‍යාපාරය අධ්‍යාපන ක්ෂේත්‍රයට පිවිසේ

කෘෂිකර්මාන්ත, සංචාරක සහ අපනයන ක්ෂේත්‍රවල නියුතු AHC සමූහ ව්‍යාපාරය තම ක්ෂේත්‍රය පුළුල් කරමින් කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති මානව හිමිකම් නායකත්ව සමුළුවේදී ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ටර්නැෂනල් ඩිප්ලොමැසි අධ්‍යාපන ආයතනය නිල වශයෙන් ආරම්හ කළේය. AHC සමූහ ව්‍යාපාරයේ සභාපති සාම තානාපති ආචාර්ය නාලක සිල්වා මහතා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ටර්නැෂනල් ඩිප්ලොමැසි අධ්‍යාපන ආයතනයේ ආරම්භක සභාපති වේ.  මෙම අධ්‍යාපන ආයතනයෙහි ජාත්‍යන්තර තානාපති සබඳතා, මානව විද්‍යාව, මානව හිමිකම් සහ ජාත්‍යන්තර නීතිය, පරිගණක අපරාධ නීතිය, සාමාන්‍ය නීතිය, කෘෂිකර්මාන්තය, කලාව, සංස්කෘතිය පිළිබඳ පාඨමාලා පවත්වන බව ආචාර්ය නාලක සිල්වා මහතා පැවැසීය.

තරගකාරී අධ්‍යාපනයක් පවතින කාල වකවානුවක අභියෝග පවතින මෙවන් යුගයක තමා අලුතෙන්ම පටන් ගත් අධ්‍යාපන ආයතනය වත්මන් දූ දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද අනගි අවස්ථාවක් උදා කිරීම පිළිබඳව අතිශයින් සතුටට පත් වන බව ආචාර්ය නාලක සිල්වා පැවැසීය. ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ටර්නැෂනල් ඩිප්ලොමැසි අධ්‍යාපන ආයතනය වෘත්තීය සහතික, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි, පශ්චාත් උපාධි ඩිප්ලෝමා (PGD), ශාස්ත්‍රපති හා ආචාර්ය උපාධි (PhD) පාඨමාලා පවත්වයි. සියලු පාඨමාලා ගෝලීය වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාල සහ අධ්‍යයන ආයතන සමඟ සහයෝගයෙන් පිරිනමයි. මෙහි සිසු සිසුවියන්ට ඉහළම අන්තර්ජාතික තලයේ අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව උදා වේ. මානව හිමිකම් සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර හඩ සංවිධානයේ සභාපති රගූ ඉන්ද්‍රකුමාර, ප්‍රවීණ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවෙකු මෙන්ම 1996 ජයග්‍රාහී ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජිකයකුද වන කුමාර් ධර්මසේන, විදෙස් තානාපතිවරුන්, ප්‍රකට ව්‍යාපාරිකයන්, ප්‍රවීණ පිටපත් රචක බුද්ධික සේමසිංහ ඇතුළු කලාකරුවන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් මෙම උත්සවයට සහභාගි විය.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top