ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් නියෝජනය කරන ප්‍රමුඛතම සහ එකම ආයතනය වශයෙන් ‘ශ්‍රී ලංකා පරිගණක සංගමය’ 1976 වර්ෂයේදී පිහිටුවා තිබේ.
ශ්‍රී ලංකාවේ පරිගණක ක්ෂේත්‍රය නියෝජනය වන වෘත්තිකයන්ගේ අභිලාෂයන් නිරූපණය කරන ප්‍රධාන වෘත්තීය සංවිධානය ලෙස, වරලත් තත්ත්වය සහ අනෙකුත් විධිමත් පිළිගැනීම් ලබා ගෙන ඇති අනෙකුත් වෘත්තීය සංවිධාන සමඟ සමාන තත්ත්වයෙන් සැලකීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා වරලත් පරිගණක සංගමය ස්ථාපිත කිරීමේ වැදගත්කම හඳුනා ගනු ලැබ ඇත.
ඒ අනුව, ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා වරලත් පරිගණක ආයතනය සංස්ථාපනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත්, ඒ සඳහා වන යෝජිත අරමුණුවලට අනුගතව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
උපුටා ගැනීම : අද දෙරණ
