
Pelwatte Dairy Industries Limited හි අනුබද්ධිත සමාගමක් වන Pelwatte Foods (Pvt) Limited විසින් සිය කිරි නිෂ්පාදන මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් කුරුණෑගල පිහිටි සිය නවතම දියර කිරි නිෂ්පාදනාගාරයේ (Greenfield Liquid Milk Manufacturing Facility) ඉදිකිරීම් කටයුතු සඳහා පසුගිය දා මුල් ගල තබන ලදී. එය සනිටුහන් කරමින් නිෂ්පාදනාගාරයේ මුල්ගල තැබීමේ උත්සවය නිල වශයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස එදින පැවැත්විණි. කිරිපිටි ක්ෂේත්‍රයේ පැල්වත්ත සමාගම දිනා තිබූ ප්‍රමුඛස්ථානය මෙම ව්‍යාපෘතිය ඔස්සේ දියර කිරි නිෂ්පාදනය තුළදී ද ලබා ගැනීමට මඟ සැකසෙන අතර, එමඟින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට දේශීයව නිෂ්පාදනය කරන ලද නැවුම් කිරි නිෂ්පාදන ලබා ගැනීමට ඇති හැකියාව තවදුරටත් ශක්තිමත් කරනු ලබයි.
සැලසුම් අදියරේ සිට ක්‍රියාත්මක කිරීමේ අදියර දක්වා මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යමින් මෙම නිෂ්පාදනාගාරය යථාර්ථයක් බවට පත්කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත. මෙම කර්මාන්තශාලාව සක්‍රීය වූ පසු, වෙනස් වන පාරිභෝගික රුචිකත්වයන්ට ගැලපෙන පරිදි පැල්වත්ත නිෂ්පාදන පෙළ පුළුල් කරමින්, සාමාන්‍ය දියර කිරි මෙන්ම චොකලට්, වැනිලා, ස්ට්‍රෝබෙරි සහ අයිස් කෝපි වැනි රසගැන්වූ විවිධ නැවුම් දියර කිරි නිෂ්පාදන පෙළක් නිපදවීමට බලාපොරොත්තු වේ.
මෙම සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ අක්මල් වික්‍රමනායක මහතා මෙසේ පැවසීය: “මුල්ගල තැබීම යනු හුදෙක් ඉදිකිරීම් ආරම්භයක් පමණක් නොවේ. එය අපගේ කැපවීම යථාර්ථයක් බවට පත්වන මොහොතයි. දශක ගණනාවක් පුරා අපගේ කිරිපිටි නිෂ්පාදන හරහා උසස් තත්ත්වයේ කිරි පෝෂණය ලබා දෙමින් පවුල් ගණනාවක විශ්වාසය දිනාගැනීමට පැල්වත්ත සමාගම සමත් වුණා. ලෝක මට්ටමේ දියර කිරි නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමෙන් සහ දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කරන අතරම වඩාත් නිරෝගී පවුල් නිර්මාණය කිරීමට උපකාරී වන නිෂ්පාදන ඉදිරිපත් කිරීමෙන්, අපගේ එම උරුමය තවදුරටත් ඉදිරියට ගෙන යාමට මෙම නව නිෂ්පාදනාගාරය අපට මග පාදනවා. 2027 දී මෙම නිෂ්පාදනාගාරයේ මෙහෙයුම් ආරම්භ වූ පසු, පැල්වත්ත සමාගමේ නව පරිච්ඡේදය වෙත අපගේ පාරිභෝගිකයින් සාදරයෙන් පිළිගැනීමට අපි අපේක්ෂා කරනවා.”

එමෙන්ම සභාපති ආරියශීල වික්‍රමනායක මහතා ද සිය අදහස් වැඩිදුරටත් මෙසේ පැවසුවේය: “දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම යනු ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් බව පැල්වත්ත සමාගම සැමවිටම විශ්වාස කළා. රටේ කිරි කර්මාන්තය දියුණු කිරීම, දේශීය ප්‍රජාවන්ට සහ ගොවීන්ට තිරසාර වටිනාකමක් නිර්මාණය කිරීම සහ අනාගත පරම්පරාවට පෝෂ්‍යදායී, දේශීයව නිෂ්පාදිත කිරි නිෂ්පාදන ලබා ගැනීමට ඇති හැකියාව තහවුරු කිරීම යන අපගේ දිගුකාලීන අරමුණු සියල්ල මෙම ව්‍යාපෘතිය මගින් පිළිඹිබු වෙනවා.”
විශේෂයෙන්ම මව්වරුන්ගේ සහ දරුවන්ගේ සෞඛ්‍යය හා වර්ධනයට සහාය වීම උදෙසා පෝෂණය ජාතික ප්‍රමුඛතාවයක් ලෙස පවතින මොහොතක මෙම ආයෝජනය සිදුවීම ඉතාමත් සුවිශේෂී වේ. දේශීය නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ කිරි සැපයුම් දාමය ශක්තිමත් කිරීමටත්, දිවයින පුරා පිහිටි නිවෙස් වෙත නැවුම් කිරි නිෂ්පාදන ලබාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමටත් Pelwatte Foods (Pvt) Limited බලාපොරොත්තු වේ.
ජාත්‍යන්තර ගුණාත්මකභාවය සහ ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන්ට අනුකූල වන අතරම ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ අනාගත වර්ධනයට සහාය වීම සඳහා නිර්මාණය කර ඇති මෙම නවතම දියර කිරි නිෂ්පාදනාගාරය, පරිපූර්ණ කිරි පෝෂණ සමාගමක් බවට පත්වීමේ පැල්වත්ත ගමනේ ඊළඟ අදියර සංකේතවත් කරනු ලබයි.
විශ්වාසනීය උරුමයක සිට නවතම හැකියාවන් දක්වා, Pelwatte Foods (Pvt) Limited පියවරෙන් පියවර ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ අනාගතය ගොඩනඟමින් සිටියි.
