
ශ්‍රී ලංකාවේ නවතම ටොයොටා රථවාහන සඳහා වන එකම බලයලත් බෙදාහරින්නා වන ටොයොටා ලංකා සමාගම, වත්තල Toyota Plaza හි පැවැත්වුණු “Unlocked” විශේෂිත එළිදැක්වීමේ උත්සවයේදී නවතම Toyota Hilux සහ Toyota RAV4 2026 රථ නිල වශයෙන් එළිදක්වන ලදී. ව්‍යාපාරික හවුල්කරුවන්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, පාරිභෝගිකයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු 250 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත ජාත්‍යන්තර තලයේ විශිෂ්ට ගමනාගමන විසඳුම් ලබා දීමේ ටොයොටා ලංකා ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
ශ්‍රී ලංකාවේ වෙනස් වන ගමනාගමන අවශ්‍යතා සපුරාලීමට අමතරව, උසස් රථවාහන තාක්ෂණය, විශිෂ්ට ආරක්ෂිත විශේෂාංග සහ ඉහළ විශ්වාසනීයත්වයෙන් යුතු ලෝක ප්‍රකට ටොයොටා රථවාහන මෙරටට හඳුන්වා දීමට ටොයොටා ලංකා දක්වන නොසැලෙන කැපවීම මෙම එළිදැක්වීමෙන් මනාව පිළිඹිඹු වේ. Toyota Hilux සහ Toyota RAV4 යන ලොව පුරා ඉහළ කාර්යසාධනයක් සහ විශ්වාසනීයත්වයක් දිනාගත් විශිෂ්ට මාදිලි දෙක මෙරටට හඳුන්වා දීම හරහා ටොයොටා ලංකා සමාගමේ නිෂ්පාදන එකතුව තවදුරටත් ශක්තිමත් විය.
දශක තුනකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ රථවාහන ක්ෂේත්‍රයේ පෙරමුණේ පසුවන ටොයොටා ලංකා සමාගම, උසස් ප්‍රමිතියෙන් යුතු ටොයොටා සේවාවන් මිලියන 3 ක් ලබා දී ඇති අතර රුපියල් බිලියන 200 කට අධික වටිනාකමකින් යුතු ටොයොටා නිල අමතර කොටස් සපයමින්, හුදෙක් රථවාහන අලෙවියෙන් ඔබ්බට ගොස් රටේ විශ්වාසනීය ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් සම්පාදකයා බවට පත්ව සිටියි. උසස් ප්‍රමිතිය, කල්පැවැත්ම, විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව (QDRS) යන ටොයොටා හි මූලික සංකල්පයන් පෙරදැරිව, පෞද්ගලික රථවාහනවල සිට වාණිජ රථවාහන දක්වා මෙන්ම ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් දක්වා වූ පුළුල් සේවා එකතුවක් හරහා විවිධ පාරිභෝගික අවශ්‍යතා සපිරීමට නිරන්තරයෙන් කටයුතු කරයි.
Toyota Hilux සහ Toyota RAV4 එළිදැක්වීම සැමරූ මෙම අද්විතීය අවස්ථාව, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සකස් කළ ටොයොටා හි නවතම තාක්ෂණයන් සහ විශ්වාසනීයත්වය අත්විඳීමට ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්ට හිමි වූ අගනා අවස්ථාවක් විය. ශ්‍රී ලංකාවේ විවිධ භූගෝලීය සහ ධාවන තත්ත්වයන්ට ගැළපෙන පරිදි සකස් කර ඇති මෙම මාදිලි දෙකම විශිෂ්ට කාර්යසාධනයක්, ආරක්ෂාවක් සහ බහුකාර්ය භාවිතයක් ලබා දෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිම අලෙවියක් හිමිකරගත් SUV රථය වන RAV4, නවීන SUV රථයක පහසුව, උසස් තාක්ෂණය සහ දෛනික භාවිතයේ පහසුව සංකේතවත් කරන අතර, Hilux රථය එහි ශක්තිමත්බව, කල්පැවැත්ම සහ විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් වාණිජමය ගමනාගමන අවශ්‍යතා සඳහා වන විශ්වාසනීය තේරීම බවට පත්ව ඇත.
“Unlocked” සඳහා එක්වූ පිරිසට ටොයොටා හි නවතම තාක්ෂණය, නව්‍ය සැලසුම්කරණය සහ පාරිභෝගිකයන් වෙනුවෙන් සකස් කළ විශේෂාංගයන් සෘජුවම අත්විඳීමේ අවස්ථාව හිමි විය. Toyota Hilux සහ Toyota RAV4 2026 එළිදැක්වීමට අමතරව, පෞද්ගලික සහ වාණිජ රථවාහන මෙන්ම ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් දක්වා වූ ටොයොටා ලංකා හි පුළුල් සේවා එකතුව ද මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර, එමඟින් මෙරට විශ්වාසනීයම ගමනාගමන විසඳුම් සම්පාදකයා ලෙස එහි ප්‍රමුඛතාවය නැවතත් තහවුරු විය. තවද, පාරිභෝගිකයන් වෙත පූර්ණ විශ්වාසය සහ මානසික සහනය ලබා දෙමින්, නව්‍ය හා තිරසාර විසඳුම් හරහා ජීවිත නංවාලීමේ “Mobility Happiness for All” යන ටොයොටා හි ගෝලීය අභිලාෂය ද මෙම උත්සවය මනාව පිළිඹිඹු කරයි.


දිවයින පුරා සිය සේවා ජාලය ව්‍යාප්ත කිරීම මඟින් ටොයොටා ලංකා සමාගම මෙම කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි. දිවයින පුරා උපායමාර්ගිකව පිහිටුවා ඇති 20 කට අධික මධ්‍යස්ථාන ජාලය හරහා ටොයොටා හි විශ්වාසනීය අලෙවි, සේවා, නිල අමතර කොටස් සහ අලෙවියෙන් පසු සේවාවන් ඉතා පහසුවෙන් ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවී ඇත. සිය දීර්ඝකාලීන වර්ධන උපායමාර්ගයේ කොටසක් ලෙස, 2026 වසර අවසාන වන විට සිය ශාඛා ජාලය 30 කට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත කිරීමට ටොයොටා ලංකා බලාපොරොත්තු වන අතර, එමඟින් ජාත්‍යන්තර තලයේ ටොයොටා ප්‍රමිතීන් පාරිභෝගිකයන් වෙත තවදුරටත් සමීප කරමින් ශ්‍රී ලංකාව පුරා පහසුව, කඩිනමින් සේවා ලබාගැනීමේ හැකියාව සහ රථවාහන හිමිකාරිත්වයේ විශ්වාසය ඉහළ නැංවීමට කටයුතු කරයි.
විශිෂ්ටත්වය උදෙසා ටොයොටා ලංකා දක්වන නොසැලෙන කැපවීම දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද අඛණ්ඩව ඇගයීමට ලක්වී ඇත. පාරිභෝගික සේවාවේ සෑම අංශයකම දැක්වූ විශිෂ්ට දක්ෂතාව වෙනුවෙන් Toyota Motor Asia Pacific ආයතනය විසින් පිරිනමනු ලබන Highest Vehicle Sales Record, Customer Delight Excellence Award, සහ Sales & Marketing Award ඇතුළු කීර්තිමත් සම්මානයන් රැසකින් සමාගම පිදුම් ලබා ඇත. මීට අමතරව, ජපානයේ Toyota Motor Corporation විසින් ටොයොටා ලංකා සමාගම දක්වන ලද දීර්ඝකාලීන දායකත්වය අගය කරමින් 30 Years of Excellence ඇගයීම ද පිරිනමා ඇත.
දේශීය වශයෙන් ද ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට ලක්වන ආයතනික සන්නාමයක් ලෙස සිය ස්ථානය තහවුරු කර ගැනීමට ටොයොටා ලංකා සමාගම සමත්ව සිටියි. LMD Brands Annual 2025 මඟින් ශ්‍රී ලංකාවේ අංක 1 නිෂ්පාදන සන්නාමය ලෙස ඇගයීමට ලක්වූ සමාගම, LMD Readers’ Choice Awards 2026 හිදී වඩාත්ම ආදරය දිනූ සන්නාම සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ශ්‍රී ලංකාවේ හොඳම රැකියා ස්ථාන 10 අතරට ද තේරී පත්විය. එමඟින් පාරිභෝගික තෘප්තිය මෙන්ම සේවක විශිෂ්ටත්වය වෙනුවෙන් ද සමාගම තුළ ඇති නොසැලෙන කැපවීම මනාව පැහැදිලි වේ.

ටොයොටා හි ගෝලීය සංකල්පය වන ‘Mobility for All’ සහ ටොයොටා ලංකා හි LIFE මූලධර්මයන් වන පක්ෂපාතීත්වය (Loyalty), අවංකභාවය (Integrity), සාධාරණත්වය (Fairness) සහ සදාචාරය (Ethicality) පෙරදැරි කරගනිමින්, ජීවිත කාලය පුරාම තෘප්තිමත් පාරිභෝගිකයන් සහ තෘප්තිමත් සේවකයන් පිරිසක් නිර්මාණය කිරීමට කැපවී සිටියි. පාරිභෝගිකයා මූලික කරගත් මෙම දර්ශනය, රථවාහන අලෙවියේ සහ අලෙවියෙන් පසු සේවාවන්ගේ සිට සුරක්ෂිත, විශ්වාසනීය සහ තිරසාර ප්‍රවාහන අත්දැකීම් ලබා දෙන නව්‍ය ගමනාගමන විසඳුම් දක්වා ටොයොටා ලංකා හි සෑම ක්‍රියාකාරකමකටම පදනම වී ඇත.
Toyota Hilux සහ Toyota RAV4 එළිදැක්වීම, ටොයොටා ලංකා සමාගමේ නව්‍යකරණය සහ පාරිභෝගික විශිෂ්ටත්වය උදෙසා වන අඛණ්ඩ ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරයි. දිවයින පුරා සිය සේවා ජාලය ව්‍යාප්ත කරමින්, අලෙවියෙන් පසු සේවා ශක්තිමත් කරමින් සහ ජාත්‍යන්තර තලයේ ටොයොටා රථවාහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින්, වසර 30 කට වැඩි කාලයක් පුරා දිනාගත් පරම්පරා ගණනාවක විශ්වාසය සුරකිමින් ගමනාගමන ක්ෂේත්‍රයේ අනාගතය හැඩගැස්වීමට ටොයොටා ලංකා නිරන්තරයෙන් කැපවී සිටියි.
