නව වැඩිදියුණු කළ Diva Fresh වෙතින් එදිනෙදා පැල්ලම් වලට හොදම විසඳුමක්

ශ්‍රී  ලංකාවේ රෙදි සේදුම් සත්කාරක ක්ෂේත්‍රයේ වඩාත් විශ්වසනීය සන්නාමයක් වන Diva Fresh, වඩාත් උසස් Stain Fighter Technology (පැල්ලම් නාශක තාක්ෂණය), Perfume Booster සහ රෙදිපිළිවල පිරිසිදු මෙන්ම දීප්තිමත් බව රැකදෙන Optical Brightener Technology සහිත නවතම රෙදි සෝදන කුඩු වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. එදිනෙදා ඇතිවන පැල්ලම් සඳහා සාර්ථකම විසඳුම ලබාදීමේ නව අරමුණ පෙරදැරිව සිදුවූ මෙම හඳුන්වාදීම, වසර 20කට අධික Diva හි විශ්වාසනීයත්වය තහවුරු කරයි. එමෙන්ම, මෙරට  පවුල්වල දෛනිකව  රෙදි සේදීමේ අභියෝග වඩාත් පහසුවෙන්, ඉක්මනින්, සහනදායී ලෙස සහ සාර්ථකව ජයගැනීම සඳහාම මෙය නිර්මාණය කර ඇත.

දෛනිකව  රාජකාරි සඳහා ගමන් බිමන් යාමේ දී කමිස කරපටිවල තැවරෙන දහඩිය සහ කුණු පැල්ලම්වල සිට, පාසල් දරුවන්ගේ ඇඳුම්වල තැවරෙන මඩ, ආහාර ගැනීමේදී සිදුවන කෑම, තේ, කෝපි සහ සෝස් වර්ගවල පැල්ලම් දක්වා එදිනෙදා ජීවිතයේ දී නොයෙකුත් පැල්ලම් ඇති වේ. ගෘහණියන් සහ පවුල්වල සාමාජිකයන් මුහුණ දෙන මෙම එදිනෙදා අභියෝග මනාව වටහාගනිමින්, Diva Fresh හි සංයෝගය උසස් Stain Fighter Technology සමඟින් නැවත හඳුන්වා දී තිබේ. එමගින් පැල්ලම් අභ්‍යන්තරයටම ගමන් කර, ඒවා කුඩා අංශු බවට පත් කරමින්, සෑම සේදීමකදීම පැල්ලම් ඉක්මනින් හා පහසුවෙන් ඉවත් කිරීමට උපකාරී වේ. මෙම වැඩිදියුණු කළ සංයෝගය, දහඩිය, මඩ සහ වාහන දුම නිසා කමිස කරපටි සහ අත්වාසිවල එකතු වන එදිනෙදා පැල්ලම් විශේෂයෙන් ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කර ඇති අතර, සාමාන්‍ය ආහාර පැල්ලම් මෙන්ම දූවිලි පැල්ලම් ද පහසුවෙන් ඉවත් කරමින් අවම වෙහෙසකින් ඇඳුම් වඩාත් පිරිසිදුව හා නැවුම්ව තබා ගැනීමට උපකාරී වේ.

විශිෂ්ට පැල්ලම් ඉවත් කිරීමේ හැකියාවට අමතරව, Diva Fresh සිය නිෂ්පාදන පෙළ මගින් පාරිභෝගිකයාට ඉහළම වටිනාකමක් ලබා දීමට ද නිරන්තරයෙන් කටයුතු කරයි. ඒ අනුව, Diva Fresh ග්‍රෑම් 60 රෙදි සෝදන කුඩු පැකට්ටුව මගින්, එකම මිල කාණ්ඩයේ පවතින බොහෝ සන්නාමයන්ට වඩා අමතර ග්‍රෑම් 10ක වැඩි ප්‍රමාණයක් පාරිභෝගිකයන් වෙත පිරිනමනු ලබයි.

වසර 20කට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකික ගෘහණියන්ගේ සහ පවුල්වල විශ්වාසය දිනූ සන්නාමයක් ලෙස, Diva පාරිභෝගිකයින් බලාපොරොත්තු වන උසස් තත්ත්වය සහ විශ්වාසනීයත්වය එලෙසින්ම පවත්වා ගනිමින්, ඔවුන්ගේ වෙනස් වන අවශ්‍යතාවලට සරිලන පරිදි අර්ථවත් නවෝත්පාදනයන් මඟින් නිරන්තරයෙන් යාවත්කාලීන වී ඇත.

මෙම නැවත හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් හේමාස් Consumer Brands හි Diva Fresh සන්නාම කළමනාකාර ප්‍රණීත් කොලොන්නගේ මහතා, “අද වන විට පාරිභෝගිකයන් නිෂ්පාදනයකින් ඉහළ කාර්යක්ෂමතාවයක් වගේම දැරිය හැකි සාධාරණ මිලක් ද බලාපොරොත්තු වෙනවා. Diva Fresh නව මුහුණුවරින් ඉදිරිපත් කිරීමේ දී, පැල්ලම් ඉවත් කිරීමේ හැකියාව තවදුරටත් බලගන්වන අතරම, ආකර්ෂණීය පැකට් ප්‍රමාණයන් සහ මිල ගණන් මඟින් පාරිභෝගිකයාට ලැබෙන වටිනාකම තවදුරටත් තහවුරු කිරීමට අපි කටයුතු කළා. කාර්යබහුල ගෘහණියකට මෙන්ම නිවසින් බැහැරව සිටින උපාධි අපේක්ෂකයෙකුට වුව ද, නිෂ්පාදනයේ ගුණාත්මකභාවයට හානියක් නොවන පරිදි රෙදි සේදීමේ කටයුතු වඩාත් සරල මෙන්ම සහනදායී කරදීමට Diva Fresh නිර්මාණය කර තිබෙනවා” ලෙස අදහස් දැක්වීය.

ඉහළ කාර්යක්ෂමතාව, සහනදායී මිල ගණන් සහ දශක ගණනාවක විශ්වාසනීය උරුමය සමඟින්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතාවලට ගැලපෙන ප්‍රායෝගික රෙදි සෝදන විසඳුම් පිරිනැමීමට Diva Fresh නිරන්තරයෙන් කැප වී සිටියි. එදිනෙදා පැල්ලම් සඳහා සාර්ථකම විසඳුම ලබාදෙන, වඩාත් වැඩිදියුණු කළ නව Diva Fresh මඟින් එදිනෙදා ඇඳුම්වල ඇතිවන පැල්ලම් පිළිබඳව වද නොවී, ජීවිතයේ සුන්දර මොහොත විඳගැනීමට පවුලේ සැමට දැන් අවස්ථාව හිමි වේ.

Hemas Consumer Brands පිළිබඳව

60 වසරක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands, යහපත් හෙට දිනයක් අපේක්ෂා කරමින් පවුල් සවිබල ගැන්වීම වෙත අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව තුළ අපගේ අරමුණු මූලික කර ගත් සන්නාම, දේශීය දැනුම භාවිතයෙන් නව්‍යකරණයට සහ සංවර්ධනයට ලක් කරමින්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විශ්වසනීය ගෘහ සන්නාමයන් ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව Hemas, අප නිහතමානීව ආඩම්බර වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා පිළිබඳ මනාව අවබෝධ කර ගන්නා Hemas Consumer Brands  උසස් ගුණාත්මක බවින් සහ වටිනාකමින් යුත් තම නිෂ්පාදන ලබා දීමේ සිය නොසැලෙන කැපවීම පෙරදැරිව රට පුරා සිටින ජනතාවගේ ජීවිත පොහොසත් කිරීමට අඛණ්ඩව කටයුතු කරයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top