2026 මුල් මාස හතේ දී රට විරුවන්ගෙන් ඩොලර් බිලියන 5.38ක්

2026 ජූලි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 777.6ක් ලෙසින් වාර්තා වී තිබේ. මෙය මෙතෙක් ඉතිහාසයේ ජූලි මාසයක් තුළ ලද ඉහළම ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය වේ.

මේ සමඟම 2026 වසරේ මුල් මාස 07 තුළ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 5,382.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය 2025 වසරේ මුල් මාස 07හි ලද ප්‍රේෂණ වටිනාකම වූ ඩොලර් මිලියන 4,435.2 හා සැසඳීමේ දී 21.4%ක වර්ධනයකි.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top