ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම දරිද්‍රතා රේඛා සටහනට අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන අයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2026 ජූනි මාසයේ දී අවශ්‍ය තර තිබූ අවම මුදල රු. 18,973ක් ලෙස දක්වා තිබේ. 2026 මැයි මාසයේ දී මෙම අගය රු. 18,675ක් ලෙසින් දැක්වුණි. මේ අනුව පළමු වරට කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාව රු. 19,000 මට්ටමට ආසන්න වී ඇත.
2026 ජූනි මාසයේ දරිද්‍රතා රේඛා සටහනට අනුව ජාතික අගය රු. 17,592ක් වේ.
ඉහත දැක් වූ පරිදි දිස්ත්‍රික්ක මට්ටමින් ඉහළම දරිද්‍රතා රේඛා අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර රු. 16,821ක් වූ අවම අගය මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2026 ජූනි මාසයේ උද්ධමනය පූර්ව මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබීම මෙලෙස ජූනි මාසයේ දරිද්‍රතා රේඛාව ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
නවතම දරිද්‍රතා රේඛා සටහන පහතින් දැක්වේ.

උපුටා ගැනීම : අද දෙරණ
