DIMO Agri Machinery Prestige Awards 2025/26 මගින් වෙළඳ නියෝජිත විශිෂ්ටත්වය ඇගයෙයි

DIMO, සිය දිවයින පුරා විහිදුණු Agri Machinery වෙළඳ නියෝජිත ජාලයේ විශිෂ්ට කාර්යසාධනය ඇගයීම වෙනුවෙන් DIMO Agri Machinery Prestige Awards 2025/26 සම්මාන උළෙල Monarch Imperial හිදී පසුගියදා පැවැත්වීය. අලෙවි, අමතර කොටස් සහ සේවා යන අංශ තුන යටතේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ වෙළඳ නියෝජිතයන් මෙහිදී ඇගයීමට ලක් විය.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුවට දායක වන සිය වෙළඳ නියෝජිත හවුල්කරුවන් සමඟ DIMO පවත්වාගෙන යන දිගුකාලීන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණක් විය. පාරිභෝගිකයන් වෙත වඩාත් හොඳ සේවාවක් ලබාදෙමින් DIMO හි අලෙවි, අලෙවියෙන් පසු සේවා සහ අමතර කොටස් ජාලය ශක්තිමත් කිරීමට දායක වූ නියෝජිතයන් මෙහිදී ඇගයීමට ලක් විය.

මෙවර සම්මානලාභීන් අතරින් වවුනියාවේ Kavin Motors හි ඒ. වික්නේෂ්වරන් මහතා අලෙවි අංශයේ ජයග්‍රාහකයා ලෙස සම්මානයට පාත්‍ර විය. රඹෑව A.V.P. Motors හි එන්.පී.එල්. ගුණවර්ධන මහතා අමතර කොටස් අංශයේ සම්මානය හිමිකර ගත් අතර, වවුනියාවේ MF Tractor Works හි නඩරාජ් පුවනේෂ්වරන් මහතා පාරිභෝගිකයන් වෙත විශිෂ්ට සේවාවක් සහ අලෙවියෙන් පසු සේවා අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් සේවා අංශයේ ජයග්‍රාහකයා ලෙස සම්මානයට පාත්‍ර විය.

මෙම අවස්ථාව DIMO සහ Mahindra Tractors අතර වසර 35ක් පුරා පවතින සාර්ථක හවුල්කාරීත්වය සැමරීමට ද අවස්ථාවක් විය. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය නව තාක්ෂණයන් ඔස්සේ ඉදිරියට ගෙන යාමට මෙම හවුල්කාරීත්වය සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇත. එමෙන්ම, නව Mahindra OJA Tractor සහ LOVOL RG102 Pro Harvester යන්ත්‍ර මෙහිදී හඳුන්වා දෙන ලද අතර, එමගින් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවගේ ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නවීන කෘෂිකාර්මික තාක්ෂණයන් ලබාදීමට DIMO හි කැපවීම තවදුරටත් තහවුරු විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. “වසර ගණනාවක් පුරා DIMO Agri Machinery හි සාර්ථකත්වය සහ වර්ධනය වෙනුවෙන් අපගේ වෙළඳ නියෝජිත ජාලය විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට විශිෂ්ට සේවාවක් ලබාදීමට අපගේ හවුල්කරුවන් දක්වන කැපවීම සහ නොපසුබට උත්සාහය ඇගයීම මෙම සම්මාන උළෙලේ අරමුණයි. Mahindra OJA Tractor සහ LOVOL RG102 Pro Harvester වැනි ගෝලීය මට්ටමේ නවීන කෘෂිකාර්මික යන්ත්‍ර මෙරටට හඳුන්වා දෙමින්, අපගේ හවුල්කාරීත්වයන් තවදුරටත් ශක්තිමත් කිරීමටත්, නවෝත්පාදන සහ තිරසාර විසඳුම් හරහා කෘෂිකාර්මික ක්ෂේත්‍රය සවිබල ගැන්වීමටත් අපි අඛණ්ඩව කැපවී සිටිනවා. අප සේවය කරන ප්‍රජාවන්ගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීමට අපි ඉදිරියටත් කටයුතු කරනවා.”

DIMO Agri Machinery Prestige Awards 2025/26 හරහා විශිෂ්ට කාර්යසාධනය ඇගයීමට ලක් කරමින්, දිගුකාලීන හවුල්කාරීත්වයන් තවදුරටත් ශක්තිමත් කිරීමටත්, නවීන කෘෂිකාර්මික තාක්ෂණයන් මෙරටට හඳුන්වාදීම වේගවත් කිරීමටත් DIMO දක්වන කැපවීම යළිත් තහවුරු කළේය. විශ්වාසනීය හවුල්කාරීත්වයන්, නවෝත්පාදන විසඳුම් සහ පාරිභෝගික තෘප්තිය කේන්ද්‍ර කරගනිමින්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රජාව සවිබල ගන්වන අතරම කෘෂිකාර්මික යාන්ත්‍රීකරණයේ අනාගතය හැඩගැස්වීමට DIMO අඛණ්ඩව කටයුතු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top