සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපති සුරංජිත් වෑවිට

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නව සභාපතිවරයා ලෙස සුරංජිත් වෑවිට මහතා පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඊයේ (18) දින සුරංජිත් වෑවිට මහතා වෙත පිරිනමා ඇත.

මෙම පත් කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබමින් අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් මෙසේ කියා සිටී.

​“ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නව සභාපතිවරයා ලෙස පත් වූ සුරංජිත් වෑවිට මහතා වෙත ඊට අදාළ පත්වීම් ලිපිය අද (18) දින මා විසින් පිරිනමන ලදී. බැංකු හා සංචාරක ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන අත්දැකීම් සහිත වෘත්තීයවේදියෙකු වන ඒ මහතාගේ නායකත්වය ඉදිරියේදී සංචාරක අධිකාරිය නව ජයග්‍රහණ කරා මෙහෙයවීමට මහත් පිටුවහලක් වනු ඇතැයි මා විශ්වාස කරන අතර, ඔහුගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සුභාශිංසන එක් කරමි.“

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top