රුපියල් බිලියන 1.5ක සුවිශේෂී ණය සහනයක් ලබා ගනිමින් Asia Capital සමාගම සිය මූල්‍ය ප්‍රගමනය තවදුරටත් වේගවත් කරයි

යුදීෂ්ත්‍රන් සහ රාජු රාධා ප්‍රමුඛත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ආයෝජන බැංකුවක් නැවත ගොඩනංවයි

Asia Capital PLC සමාගම විසින් Fast Gain International Ltd වෙත ගෙවිය යුතුව තිබූ රුපියල් බිලියන 1.8ක ණය මුදලින් රුපියල් බිලියන 1.5ක ණය සහනයක් ලබා ගනිමින් සිය මූල්‍ය ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කර තිබේ.  සමාගමේ කොටස් හිමියන්ට අදාළ මූල්‍ය බර 83%කින් පමණ මෙම ගනුදෙනුව ඔස්සේ අඩු වන අතර, ඉතිරි වන්නේ කළමනාකරණය කළ හැකි රුපියල් මිලියන 300ක ශේෂයක් පමණි.

2024 වසරේ දී ඇරඹි දැඩි සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලයක් වන මෙම ගිවිසුම, 2026 ජූනි 30 වන දින අත්සන් තැබූ අතර අගෝස්තු 25 වන දින කොළඹ කොටස් වෙළෙඳපල (CSE) වෙත නිල වශයෙන් දැනුම් දෙන ලදි. ප්‍රමුඛ පෙළේ  ආයෝජන බැංකුවක් වන Asia Capital සමාගම  ඉහළ මෙහෙයුම් පිරිවැයකට මුහුණ දුන් අතර සිය ව්‍යාපාරික මෙහෙයුම් සීමා කරමින් සහ පැරණි බැංකු ණය පියවීම සඳහා තෝරාගත් වත්කම් වෙන්දේසි කරමින් වසර ගණනාවක් පුරා මුහුණ දුන් මූල්‍ය පීඩනයෙන්  අනතුරුව මූල්‍ය ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේ සුවිශේෂී පියවරක් මෙම සහනය හිමි වී තිබේ.

සභාපති යුදීෂ්ත්‍රන් කනගසබායි කනගසබේ (Yudhishtran Kanagasabai) සහ කළමනාකාර අධ්‍යක්ෂ රාජු රාධා (Raju Radha) යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් කළමනාකාරීත්වය, කෙටිකාලීන පැවැත්මේ පියවරවලට වඩා දිගුකාලීන ණය තිරසාරභාවයට ප්‍රමුඛතාව ලබා දුන්නේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් Asia Capital PLC හි කළමනාකාර අධ්‍යක්ෂ රාජු රාධා මහතා මෙසේ ප්‍රකාශ කළේය. “Asia capital සමාගමට මෙම ණය සහනය ලබා ගැනීමට හැකිවීම ඉතා තීරණාත්මක මොහොතක්.  ශේෂ පත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රධාන කොටස් හිමියන් සමඟ අප සතු පොදු කැපවීම මෙමඟින් මැනවින් ඉස්මතු කරනවා. සැලකිය යුතු මූල්‍ය බර ප්‍රමාණයක් ඉවත් කිරීම මගින්  ආයතනය ස්ථාවර  වූ අතර එමඟින් වගකීම් සහිත දිගුකාලීන ආයතනික පාලනය සඳහා විනිවිදභාවයෙන් යුත් පදනමක් සකස් කිරීමට අපට හැකියාව ලැබුණා.”

Asia Capital PLC හි කළමනාකාර අධ්‍යක්ෂ රාජු රාධා මහතා මේ සම්බන්ධයෙන් තවදුරටත් සිය අදහස් එකතු කළේ මෙසේය. “Asia Capital හි අනාගත දිශානතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් තැබූ පියවරක් ලෙස මෙය හැඳින්විය හැකියි.මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය  අපගේ ණය හිමියන් සමඟ ඉතා යහපත් ආකාරයෙන් මෙම  ජය ගැනීමට අපට හැකියාව ලැබුණා. මෙම ප්‍රතිඵලය ඔස්සේ තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපල තුළ අපගේ නියෝජනය නැවත ගොඩනැංවීමටත් සමූහය වෙත ශක්තිමත් පදනමක් සැපයෙනවා.”

පුළුල් ආයතනික ක්‍රමෝපායික වෙනස්කමෙහි තවත් එක් කොටසක් ලෙස මෙම ණය සහනය හැඳින්විය හැකිය.ශේෂ පත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සහ මෙහෙයුම් පිරිවැය ප්‍රතිසංවිධානය කිරීමත් සමඟ, දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ආයෝජන බැංකු ආයතනයක් ලෙස  දිනා ගත් සිය උරුමය  ද පෙරදැරි කරගනිමින් Asia Capital PLC සමාගම, මූල්‍ය සේවා සහ ප්‍රාග්ධන වෙළෙඳපල  තුළ නව අවස්ථා ගවේෂණය කිරීමට බලාපොරොත්තු වේ.

ඡායාරූප සිරස්තල

Asia Capital PLC සභාපති යුදීෂ්ත්‍රන් කනගසබේ මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ රාජු රාධා මහතා

රුපියල් බිලියන 1.5ක සුවිශේෂී ණය සහනයක් ලබා ගනිමින් Asia Capital සමාගම සිය මූල්‍ය ප්‍රගමනය තවදුරටත් වේගවත් කරයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top