ශ්‍රී ලංකාව 2026 වර්ෂයේදී ජාත්‍යන්තර ඇල්සයිමර් මාසය සමරන අතර , මොළයේ සෞඛ්‍ය හා ඩිමෙන්ෂියා රෝගී තත්වය වළක්වා ගැනීම පිලිබද ඉහල දැනුවත්භාවයක් ඇතිකරගන්නා ලෙස ලංකා ඇල්සයිමර්ස් පදනම් ඉල්ලා සිටියි

2026 සැප්තැම්බර්: ලෝක ඇල්සයිමර් මාසය නිමිත්තෙන්, ලංකා ඇල්සයිමර් පදනම (LAF) සිය ජාතික දැනුවත් කිරීමේ ව්‍යාපාරයේ මූලික අවධානය ඩිමෙන්ෂියා රෝගය වැළැක්වීම වෙත යොමු කරමින්, ජීවිතයේ සෑම අවධියකදීම මොළයේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරයි.
2024 වසරේ ඩිමෙන්ෂියා රෝගය වැළැක්වීම, මැදිහත්වීම් සහ සත්කාරය පිළිබඳ The Lancet Commission විසින් කරන ලද සමීක්ෂණයකට අනුව, තම ජීවිත කාලය තුල පාලනය හැකි අවදානම් සාධක 14ක් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඩිමෙන්ෂියා තත්වයන්ගෙන් 45%ක් වළක්වා ගැනීමට හෝ එහි ආරම්භවීම ප්‍රමාද කිරීමට හැකියාවක් ඇති බව පෙන්වා දී ඇත . මෙම අවදානම් සාධක අතර ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත නොවීම, අධි රුධිර පීඩනය, දියවැඩියාව, දුම්පානය, අධික මත්පැන් භාවිතය, සමාජයෙන් හුදකලා වීම,ප්‍රතිකර්ම නොකල ශ්‍රවණ හා දෘෂ්ටි දුර්වලතා, රුධිරයේ LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, තරබාරුකම, වායු දූෂණය, විශාදය,මොළයට සිදු වූ අනතුරු සහ අඩු අධ්‍යාපනික මට්ටම එයට ඇතුලත් වේ.

“45% කින් ඩිමෙන්ෂියා තත්වය පාලනය කිරීමට අපට පියවර ගැනීමට හැකියාවක් ඇති බව අවධාරණය කිරීම ඉතා වටිනා කරුනක් වන අතරම ඩිමෙන්ෂියා රෝගයේ බහුලතම ආකාරය ඇල්සයිමර් රෝගයයි,” යනුවෙන් ලංකා ඇල්සයිමර් පදනමේ සභාපති මහාචාර්ය ෂෙහාන් විලියම්ස් මහතා පවසන ලදී.
සියලුම ඩිමෙන්ෂියා තත්වයන් වැළැක්විය නොහැකි අතර සමහර අවදානම් සාධකද අපට පාලනය කල නොහැක. නමුත් අවදානම අඩු කිරීමට මුල් අවධියේදීම වෙනස්කම් හදුනා ගැනීම සහ නිරෝගී වයස්ගත වීමකට උපකාරී වන පරිසරයක් නිර්මානය කිරීමට පුද්ගලයන්ට, නිවැසියන්ට , ප්‍රජාවන්ට සහ ප්‍රතිපත්තිසම්පාදකයන්ට කළ හැකි බොහෝ දේ ඇත
වසර 25 ක් පුරාවට වෙනසක් ඇති කරමින්,
2001 වසරේදී ආරම්භ කරන ලද ලංකා ඇල්සයිමර් පදනම, මෙම වසරේදී සිය 25 වන සංවත්සරය සමරයි. එමෙන්ම, කොළඹ පිහිටි එහි ක්‍රියාකාරකම්, සේවා සහ තොරතුරු මධ්‍යස්ථානය ආරම්භ කර වසර 15ක් පූර්ණ වීමද මෙම වසරේදී සමරනු ලබයි.
පසුගිය වසර 25 පුරාවට, මෙම මධ්‍යස්ථානය ඩිමෙන්ෂියා සහිත පුද්ගලයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ඉතා වටිනා සහයෝගයක් ලබා දෙන ස්ථානයක් බවට පත්ව ඇත. ඩිමෙන්ෂියා සහිත පුද්ගලයන්ට සුවපහසු ලෙස සහභාගී විය හැකි පරිසරයක් මෙහි ඇති අතර, මතකය උත්තේජනය කරන, සමාජ සම්බන්ධතා ප්‍රවර්ධනය කරන සහ ගෞරවය හා යහපැවැත්ම වැඩි කරන අර්ථවත් ක්‍රියාකාරකම්වලට ඔවුන්ට සහභාගී වීමට ඉඩකඩ සලසා දී ඇත .
අද වන විට, ලංකා ඇල්සයිමර් පදනම (LAF )මඟින් නොමිලේ මතක පරීක්ෂණ සහ සංජානන හැකියා ඇගයීම්, ඩිමෙන්ෂියාවේ මුල් අවධියේ පසුවන්නන්හට Cognitive Stimulation Therapy (CST) වැඩසටහන , ඩිමෙන්ෂියා සහිත පුද්ගලයන්ව රැකබලා ගන්නන් සඳහා සහයෝගීතා කණ්ඩායම්, ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන්, ඩිමෙන්ෂියා හිතකාමී ප්‍රජා වැඩසටහන් සහ අවධානම අවමකරන අධ්‍යාපනික සම්පත් ඇතුළු සේවාවන් රැසක් ප්‍රජාව හට නොමිලයේ ලබාදේ.
LAF සිය ප්‍රජා වැඩසටහන් හරහා ඩිමෙන්ෂියා පිළිබඳ ජනතාවගේ අවබෝධය වැඩි කිරීමටත්, එහි අවදානම අඩු කර ගැනීමට ගත හැකි පියවර පිළිබඳව දැනුවත් කිරීමටත් කටයුතු කරයි.
ගාල්ල, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක වල ක්‍රියාත්මක වන ඩිමෙන්ෂියා හිතකාමී ප්‍රජා වැඩසටහන මඟින් වැඩිහිටි සමිති සමඟ එක්ව ක්‍රියාශීලීව වයස්ගත වීම, සහයෝගී පරිසරයක් ගොඩනැගීම සහ ඩිමෙන්ෂියා පිළිබඳ අවබෝධය වැඩි කිරීම සඳහා කටයුතු කරයි. මෙම වසරේදී මෙම වැඩසටහන් මහනුවරට දිස්ත්‍රීක්කයටද ව්‍යාප්ත කර ඇත.
LAF හි ශිෂ්‍යයන් හට ස්වේච්ඡා සේවා, පුහුණු සහ නිරීක්ෂණ වැඩසටහන් මඟින් අනාගත සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට ඩිමෙන්ෂියා සත්කාරයේදී භාවිත කරන ඖෂධ නොවන ප්‍රතිකාර ක්‍රම පිළිබඳ වටිනා අත්දැකීමක් ලබා දෙයි.
පාසල් දැනුවත් කිරීමේ වැඩසටහන්, භාෂා ත්‍රිත්වයෙන්ම පවත්වාගෙන යන LAF වෙබ් අඩවිය, සමාජ මාධ්‍ය පිටුව සහ අධ්‍යාපනික සම්පත් හරහාද LAF ශ්‍රී ලංකාව පුරා ප්‍රජාවන් අතර ඩිමෙන්ෂියා පිළිබඳ දැනුවත්භාවය තවදුරටත් පුළුල් කිරීමට කටයුතු සිදු කරයි.
ක්‍රියාශිලීවෙමු, සම්බන්ද වෙමූ , මනස ක්‍රියාශීලීව පවත්වා ගනිමූ

මෙවර ජාත්‍යන්තර ඇල්සයිමර් මාසයේ වැඩසටහන් මඟින් මොළයේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම අපගේ දෛනික ජීවිතය තුළම කොටසක් බවට පත්කරගත යුතුබව ජනතාවට අවධාරණය කරයි.
Run To Remember වැඩසටහන – සැප්තැම්බර් මස 5 වෙනිදා
Taj Samudra හි සහයෝගයෙන් වාර්ෂිකව පැවැත්වෙන කිලෝමීටර් 5ක Run to Remember ධාවන වැඩසටහන සදහා එයට ඇලුම්කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ මහජනතාව එක්වෙමින් ඩිමෙන්ෂියා සහිත පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන් සමඟ එකට එක්ව සහයෝගයෙන් සම්බන්ධ වෙයී. මෙම වඩසටහනේ අරමුණ වන්නේ ක්‍රියාශීලී දිවිපෙවෙතක් සහ නිරෝගී ජීවන රටාව මොළයේ සෞඛ්‍යයට වැදගත් බව පෙන්වීමයී
මතක පා ගමන (Memory Walk) – සැප්තැම්බර් 19 වෙනිදා
24 වන වසරටත් වාර්ෂිකව පැවත්වන මතක පා ගමන (Memory Walk) වැඩසටහන, මෙවරත් Cinnamon Grand හි සහයෝගයෙන් පැවැත්වෙන අතර, LAF හි සමජිකයන් සහ මහජනතාව එක් කරමින් කිලෝමීටර් 5ක උදෑසන පා ගමනක් ලෙස පැවැත්වේ.
ඇවිදීම ශාරීරික ක්‍රියාශීලීබව පවත්වා ගැනීමට පහසුම සහ සරල ක්‍රමයකි. පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ එක්ව ඇවිදීමෙන් සමාජ සබඳතා වැඩිදියුණු කරගත හැකි අතරම, ශාරීරික ක්‍රියාකාරකම් දෛනික ජීවිතය තුල එක් කොටසක් බවට පත් කරගැනීමටද උපකාරී වේ.
ජාත්‍යන්තර ඇල්සයිමර්ස් දිනය – සැප්තැම්බර් 21 වෙනිදා
LAF විසින් ජාත්‍යන්තර ඇල්සයිමර් දිනය නිමිත්තෙන්, සිය ක්‍රියාකාරකම්, සේවා සහ තොරතුරු මධ්‍යස්ථානයට වසර 15 ක් පූර්ණ වන සංවත්සරය සමරනු ලබයි.
මෙම අවස්ථාවේදී ඩිමෙන්ෂියා සහිත පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ගෞරවය පුද කරන අතර, පසුගිය වසර 25ක් පුරා LAF හි වැඩකටයුතු සඳහා දායක වූ ස්වේච්ඡා සේවකයන්, සෞඛ්‍ය වෘත්තිකයන්, පරිත්‍යාගශීලීන්, හවුල්කරුවන්ට සහ සහයෝගය ලබා දුන් සියලු දෙනා ද ඇගයීමට ලක් කරයි.
සෑම වයස් කාන්ඩයකම පසුවන්නන්හට පනිවුඩය
ලංකා ඇල්සයිමර්ස් පදනම වන අප අවධාරණය කරන්නේ ඩිමෙන්ෂියා වැළැක්වීම වැඩිහිටියන්ට පමණක් අදාළ පණිවිඩයක් නොවන බවයි. මොළයේ සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීම ජීවිත කාලය පුරාම වැදගත් වන අතර, ඩිමෙන්ෂියා ඇතිවීමේ අවදානම අඩු කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම ඕනෑම වයසකදී ආරම්භ කළ හැකි බවයී
LAF විසින් පුද්ගලයන්ට සහ පවුල්වය අයට ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීම, සමාජ සබඳතා පවත්වා ගැනීම, මානසිකව සක්‍රීය වීම ,විවිධ සෞඛ්‍යමය තත්වයන් නිසි ලෙස පාලනය කිරීම, දුම්පානය සහ අධික මත්පැන් භාවිතයෙන් වැළකීම සහ මතකය හා සිතීමේ හැකියාවන්ගේ සිදුවන වෙනස්කම් පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා දිරිමත් කරයි.
ඒ අතරම වැදගත්වන ඊලග කරුණ වන්නේ වැඩිහිටියන්ට ක්‍රියාශීලීව සිටීමට, සමාජ සබඳතා පවත්වා ගැනීමට, සමාජයේ සක්‍රීයකෙනෙකු ලෙස විවිධ ක්‍රියාකාරකම් වලට එක්වීමට සහ ඔවුන්ගේ වටිනාකමක් දැනීමට හැකි ප්‍රජාවක් නිර්මාණය කිරීමයි.
LAF සිය ඉදිරි වසර 25 ආරම්භ කරන මෙම අවස්ථාවේදී, ඩිමෙන්ෂියා සමඟ ජීවත් වන කිසිවෙකුත් තනිවම එයට මුහුණ දීමට අවස්ථාවක් නොදෙන බව සහතික කරමින් LAF ඒ වෙනුවෙන් කැපවී සිටී.
මෙවර ජාත්‍යන්තර ඇල්සයිමර්ස් මාසයේන් ලබා දෙන්නේ සරල පනිවිඩයකි. එනම් මොළයේ සෞඛ්‍ය තත්වය අරක්ෂා කිරීමට අද සිටම කැපවෙමූ,එයට පියවරක් ගමු, අවදානම අඩු කරගනිමු, රෝග ලක්ෂන කල්තියා හදුනා ගනිමු සහ ගෞරව සමාජ සම්බන්දතා සමග සහයෝගයෙන් වයස්ගතවිය හැකි ප්‍රජාවක් නිර්මානය කිරීමට ඔබත් එක්වන ලෙසයී
ලංකා ඇල්සයිමර් පදනම, එහි සේවාවන් සහ ජාත්‍යන්තර ඇල්සයිමර් මාසයේ වැඩසටහන් පිළිබඳ වැඩිදුර විස්තර දනගැනීම සඳහා පදනමේ භාෂා ත්‍රිත්වයෙන් යුත් වෙබ් අඩවියට පිවිස හෝ සමාජ මාධ්‍ය පිටු සමඟ සම්බන්ධ වන්න.
