
Isuzu රථවාහන පිළිබඳ මෙරට බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරන සතෝස මෝටර්ස් පී.එල්.සී. විසින් පසුගිය දා ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව කළමනාකරණ සහතිකය දිනාගන්නා ලදී. මෙය පාරිභෝගික තෘප්තිය, විශිෂ්ට සේවා සැපයුම සහ උසස් කළමනාකරණය වෙනුවෙන් සමාගම දැක්වූ විශිෂ්ට කැපවීම සනාථ කළ සමාගමේ තවත් සුවිශේෂී ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකිය.
මෙම ජාත්‍යන්තර ඇගයීම , එක්සත් රාජධානියේ Bureau Veritas Certification Holding SAS ආයතනය මගින් සිදුකරන ලද විගණනයකින් අනතුරුව පිරිනමා ඇත. ඒ අනුව සතෝස මෝටර්ස් සමාගමෙහි කළමනාකරණ පද්ධතිය පිළිබඳව සිදුකරන ලද පුළුල් ඇගයීමකින් පසු, එම පද්ධතිය ජාත්‍යන්තර ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ ප්‍රමිතීන්ට අනුකූල වන බව තහවුරු කර තිබේ.
මෙම තත්ත්ව සහතිකය මගින් Isuzu පාරිභෝගික සේවාවන් හි ඇති ගුණාත්මකභාවය තහවුරු කරන අතර නව Isuzu රථවාහන ආනයනය සහ අලෙවිය, Isuzu නිල අමතර කොටස් (Genuine Spare Parts) අලෙවිය මෙන්ම අලුත්වැඩියා සහ නඩත්තු සේවා ඇතුළු සමස්ත අලෙවි පසු සේවාවන් මෙමගින් ආවරණය කෙරේ.
සතොස මෝටර්ස් මගින් නව Isuzu රථයක් මිලදී ගැනීමේ සිට නිල අමතර කොටස් ලබාදීම සහ වෘත්තීය මට්ටමේ අලුත්වැඩියා හා නඩත්තු සේවා සැපයීම දක්වා වූ සමස්ත සේවා ජාලය පුරාම විධිමත් මෙන්ම ස්ථාවර පද්ධතියක් පවත්වාගෙන යාම කෙරෙහි දක්වන අසමසම කැපවීම මෙමගින් පිළිබිඹු කරයි.
දිනෙන් දින වෙනස්වන පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විශ්වාසනීය නිෂ්පාදන සහ සේවාවන් තහවුරු කිරීම සඳහා සිය පද්ධතීන් නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමට සමාගම දක්වන ඉහළ අවධානය මෙහි දී ප්‍රදර්ශනය වන වැදගත්ම කරුණක් වේ.
උසස් ප්‍රමිතියක් සහිත සතෝස මෝටර්ස් සේවා ජාලය
ISO 9001:2015 සහතිකය දිනා ගැනීම කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයට පමණක් සීමා වූ ජයග්‍රහණයක් නොව, එය ආයතනයේ සියලුම ප්‍රධාන පාරිභෝගික මධ්‍යස්ථාන ආවරණය කරමින් ලැබූ බහු ස්ථානීය සහතිකයකි. ඒ අනුව පෑලියගොඩ, වොක්ෂෝල් වීදිය සහ කුරුණෑගල පිහිටි කර්මානත්ශාලා ඇතුළුව රත්නපුර, බදුල්ල, දඹුල්ල, මහනුවර, පංචිකාවත්ත, මාතර, කුරුණෑගල සහ මීගමුව යන ශාඛාවල පිහිටි අමතර කොටස් අලෙවි මධ්‍යස්ථාන ද මෙම ප්‍රමිතියට ඇතුළත් වේ.
මෙමගින්, සිය සේවා ජාලයේ සියලුම ස්ථාන තුළ එකම මට්ටමේ තත්ත්ව කළමනාකරණ ක්‍රමවේදයක් පවත්වාගෙන යාමටත්,සියලුම ස්ථාන තුළින් පාරිභෝගිකයන්ට නොවෙනස් විශ්වාසනීය සේවාවක් ලබාදීමටත් සතෝස මෝටර්ස් සමාගම සතු හැකියාව මැනවින් තහවුරු වේ.
පාරිභෝගික විශ්වාසය තවදුරටත් ඉහළට
සතෝස මෝටර්ස් පී.එල්.සී. වෙත ISO 9001:2015 සහතිකය හිමිවීම ජාත්‍යන්තර ඇගයීමක් පමණක් නොවේ. එමගින් සමස්ත ආයතනය පුරාම ක්‍රියාත්මක වන කටයුතුවල විනය, වගවීම, සේවාවල ස්ථාවර බව සහ නිරන්තර ප්‍රගතිය පවත්වාගෙන යාමට ශක්තිමත් පදනමක් සපයයි.
ශ්‍රී ලංකාවේ Isuzu රථවාහන වෙළෙඳපල නිරන්තරයෙන් වර්ධනය වන පසුබිමක, උසස් තත්ත්වයේ වාහන, නිල අමතර කොටස් සහ අලෙවියෙන් පසු විශ්වසනීය සේවාවක් ලබාදීමට සතෝස මෝටර්ස් සමාගම සතු හැකියාව කෙරෙහි පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට මෙම සහතිකය උපයෝගී වනු ඇත.
විශිෂ්ටත්වය කරා යන ගමන
ISO 9001:2015 සහතිකය හිමිකර ගැනීම සතෝස මෝටර්ස් පී.එල්.සී. සේවා විශිෂ්ටත්වය සහ ඉහළ පාරිභෝගික තෘප්තිය කරා යන ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයකි.දිගු කලක් පුරා ශ්‍රී ලංකාවේ රථවාහන ක්ෂේත්‍රය තුළ ගොඩනගාගෙන තිබෙන කීර්තිනාමය පදනම් කරගනිමින් අනාගතයේ දී ද සිය තත්ත්ව කළමනාකරණ ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීමටත්, කාර්ය මණ්ඩලය සහ ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීමටත්, Isuzu පාරිභෝගිකයන් වෙත වඩාත් උසස් සේවා අත්දැකීමක් පිරිනැමීමටත් සමාගම කටයුතු කරනු ඇත.
තත්ත්වය සහ ප්‍රමිතිය යනු දිනා ගත යුතු තවත් එක් සහතිකයක් පමණක් නොව,එය පාරිභෝගිකයන් වෙත දිනපතා පිරිනමන සහ ආරක්ෂා කර ගත යුතු අඛණ්ඩ පොරොන්දුවක් බව සතොස මෝටර්ස් සමාගම දැඩිව විශ්වාස කරයි.
