Euro Motors වෙතින් සියලුම වාහන සඳහා genuine අමතර කොටස් සපයන නවීකරණය කළ ප්‍රදර්ශනාගාරය විවෘත කෙරේ

Jetour, Dongfeng, JAC, Bonluck, Ankai සහ Joylong ඇතුළු තම සන්නාම එකතුවට අයත් මගී වාහන, බස් සහ ලොරි රථ සඳහා අවශ්‍ය සියලුම Genuine අමතර කොටස් වඩාත් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව සලසමින්, Euro Motors සමාගම කොළඹ 10, ශ්‍රී සද්ධර්ම මාවතේ, නො අංක 27 ස්ථානයෙහි පිහිටි සිය අමතර කොටස් ප්‍රදර්ශනාගාරය මෑතකදී නැවත විවෘත කරන ලදී.

ප්‍රතිසංස්කරණය කරන ලද මෙම නව ප්‍රදර්ශනාගාරය හරහා තනි වාහන හිමියන්ට, ආයතනික පාරිභෝගිකයන්ට, වාහන බලඇණි හිමියන්ට මෙන්ම අනතුරු අලුත්වැඩියා සඳහා විශ්වාසනීය විසඳුම් සොයන රක්ෂණ සමාගම්වලටද අවශ්‍ය නිවැරදි අමතර කොටස් ඉතා පහසුවෙන් සපයා ගත හැක. සියලුම විශ්වාසනීය අමතර කොටස් එකම වහලක් යටින් ලබා ගැනීමට හැකි වීම නිසා මෙය වාහන නඩත්තුව සහ අලුත්වැඩියාව සඳහා පැමිණිය හැකි හොඳම ස්ථානය වේ.

මීට අමතරව, පාරිභෝගික පහසුව තවදුරටත් තහවුරු කරමින් පහසු ඇණවුම් කිරීමේ සහ නිවසටම ගෙනැවිත් දීමේ සේවාවක්ද හඳුන්වා දී ඇත. ප්‍රදර්ශනාගාරයට පැමිණීමට නොහැකි කොළඹ සහ කොළඹ අවට පදිංචි පාරිභෝගිකයන්ට සෘජුවම ප්‍රදර්ශනාගාරය හා සම්බන්ධ වී තොරතුරු විමසා ඇණවුම් ලබා දිය හැක. සති අන්ත සහ රජයේ නිවාඩු දින හැර, අමතර කොටස් පවතින බව මත පදනම්ව පැය 24 ක් ඇතුළත එම ඇණවුම් පාරිභෝගිකයාගේ නිවසටම ගෙනැවිත් දීමට කටයුතු කෙරේ. මෙම ප්‍රදර්ශනාගාරය සඳුදා සිට සිකුරාදා දක්වාත්, සෙනසුරාදා අර්ධ දිනකදීත් විවෘතව පවතී.

මෙම නැවත විවෘත කිරීමත් සමඟ විශේෂ දීමනා එකතුවක්ද හඳුන්වා දී ඇති අතර, එමඟින් අමතර කොටස් මිලදී ගැනීමේදී පාරිභෝගිකයන්ට ඉහළ වටිනාකමක් හිමි වේ. පාරිභෝගිකයන්ට දැරිය හැකි පිරිවැයකින් යුතු නිවැරදි අමතර කොටස් සපයා දෙමින් ඔවුන්ගේ වාහන නඩත්තු කටයුතු වඩාත් පහසු කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

වාහනයේ දිගුකාලීන පැවැත්ම සහ කාර්යක්ෂමතාව සඳහා නිවැරදි (Genuine) අමතර කොටස් භාවිත කිරීම ඉතා වැදගත් වේ. අදාළ වාහන මාදිලියටම විශේෂයෙන් නිෂ්පාදනය කර ඇති බැවින්, එම කොටස් වාහනයට නිසි ලෙස ගැලපෙන අතර විශ්වාසනීය මෙන්ම ස්ථාවර ධාවන තත්ත්වයක්ද තහවුරු කරයි. විශේෂයෙන්ම වගකීම් කාලය තුළ පවතින වාහන සඳහා සහ ඉන් පසුවද නිවැරදි අංගෝපාංග භාවිත කිරීමෙන් වාහනයට සහ පාරිභෝගිකයාගේ ආයෝජනයට උපරිම ආරක්ෂාවක් හිමි වේ.

අමතර කොටසක ක්ෂණික ලාභය දෙස පමණක් නොබලා වාහනයේ දිගුකාලීන වටිනාකම පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට යුරෝ මෝටර්ස් සමාගම කැපවී සිටී. පාරිභෝගික සේවාවන් තවදුරටත් වැඩිදියුණු කරමින්, වෘත්තීයමය සහාය සහ පහසු මිලදී ගැනීමේ ක්‍රමවේද ලබා දෙමින් එම කැපවීම තහවුරු කිරීමට මෙම නව ප්‍රදර්ශනාගාරය සමත්ව ඇත.

Euro Motors සන්නාමය කෙරෙහි පවතින විශ්වාසය සහ ගුණාත්මකභාවය පිළිබිඹු වන පරිදි මෙම නව ප්‍රදර්ශනාගාර පරිශ්‍රය සකසා ඇත. උසස් තත්ත්වයේ අමතර කොටස්, විශේෂ දීමනා, පහසු ඇණවුම් කිරීමේ ක්‍රමවේද සහ නිවසටම ගෙනැවිත් දීමේ සේවාවන් ඇතුළත් මෙම ප්‍රදර්ශනාගාරය හරහා පාරිභෝගිකයන්ට තම වාහන නිසි ලෙස නඩත්තු කර ගනිමින් එහි දිගුකාලීන පැවැත්ම තහවුරු කර ගැනීමට මඟ පෑදේ.

විමසීම් සහ ඇණවුම් සඳහා කොළඹ 10, ශ්‍රී සද්ධර්ම මාවතේ, නො අංක 27 ස්ථානයෙහි පිහිටි Euro Motors අමතර කොටස් ප්‍රදර්ශනාගාරය වෙත පැමිණිය හැකි අතර, 011 2 698 900 හෝ 0776 797 002 යන දුරකථන අංක ඔස්සේද සම්බන්ධ විය හැක.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top