බේස්ලයින් මාර්ගය කිරුළපන සිට දුටුගැමුණු වීදිය දක්වා දීර්ඝ කිරීමේ කොන්ත්‍රාත්තුව මාගා ඉංජිනියරින් වෙත

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය – III වන අදියර යටතේ, මාර්ගය යටින් දිවෙන මාර්ගයක් (underpass), සංඥා පද්ධති සහිත මංසන්ධි, පදික පහසුකම්, ජලාපවාහන පද්ධති වැඩිදියුණු කිරීම් ආදී යටිතල පහසුකම් සහිතව කිරුළපන මංසන්ධියේ සිට කොළඹ‑හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර 0.86ක් වන මාර්ග කොටසක් මංතීරු හයකින් යුතුව වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇත.

ජාතික තරගකාරි ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් අදාළ කාර්යය සඳහා ලංසු කැඳවා තිබේ.

ඒ සඳහා ලැබී ඇති ලංසු 07ක් ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශ මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන මාගා ඉංජිනියරින් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත රුපියල් බිලියන 2.89ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top