2026 සැප්තැම්බරයේ සංචාරක පැමිණීම 2025ට වඩා පොඩ්ඩක් අඩුවෙයි

ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත්කරමින් සඳහන් කරයි. මෙය 2025 සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති 158,971ක් වූ සංචාරකයින් ප්‍රමාණයට වඩා සංචාරකයින් 414ක අඩුවකි.

මේ අනුව 2026 වසරේ මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,693,679ක් ලෙසින් සටහන්ව ඇත.

ශ්‍රී ලංකාවේ සමස්ත සංචාරක ව්‍යාපාරය මේ වන විට ඉන්දියානු සංචාරකයින්ගේ ආගමනය මත විශාල රැඳියාවක් දක්වන බවක් පෙනෙන්නට ඇති අතර 2026 සැප්තැම්බර් මාසයේ පැමිණි සංචාරකයින්ගෙන් 32%ක් හෙවත් 51,931ක්ම ඉන්දියානුවන් වීම ඊට මනාව සාක්ෂි දරයි.

එසේම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය වූ 1,693,679න් 25%ක් හෙවත් 437,414ක්ම පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි.

අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top