2026 ජාතික AI සම්මාන උළෙලේ දී ස්මාර්ට් නිෂ්පාදන නවෝත්පාදනය වෙනුවෙන් Alumex PLC සමාගමට සම්මානයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදකයා මෙන්ම Hayleys සමූහයේ සාමාජිකයෙකු වන Alumex PLC, පසුගියදා ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පවත්වන ලද National AI Awards 2026 සම්මාන උළෙලේ දී ඇගයීමට ලක්විය. එහිදී ‘නිෂ්පාදන සහ කර්මාන්ත 5.0 හි හොඳම AI විසඳුම’ (Best AI Solution in Manufacturing & Industry 5.0) කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය දිනාගැනීමට සමාගම සමත් විය.

Alumex PLC විසින් හඳුන්වා දෙන ලද ‘Extruder Production Monitoring System’ සහ ‘Smart Real-Time Energy Monitoring & Analytics System’ යන තාක්ෂණික පද්ධතීන් වෙනුවෙන් මෙම සම්මානය හිමි විය. මෙහි ඇති ‘AI-powered Golden Batch’ තාක්ෂණය මගින් ඇලුමිනියම් නිපැයුම් ක්‍රියාවලිය ඩිජිටල්කරණයට ලක් කෙරේ. නිෂ්පාදන ක්‍රියාවලීන් නිරීක්ෂණය කිරීම, එහි ස්ථාවරභාවය තහවුරු කිරීම සහ බලශක්ති කළමනාකරණය විධිමත් කිරීම සඳහා කෘතිම බුද්ධිය සහ දත්ත විශ්ලේෂණය සාර්ථකව භාවිත කිරීම මෙම සම්මානය හරහා මෙසේ ඇගයීමට ලක් කර ඇත.

මෙම නව්‍ය තාක්ෂණික විසඳුම මගින් නිෂ්පාදන ක්‍රියාවලිය සහ කාර්යසාධනය පිළිබඳ එසැණින් නිරීක්ෂණය කිරීමේ පහසුකම සැලසේ. එහි ඇති AI තාක්ෂණය මගින් නිෂ්පාදන දත්ත සූක්ෂම ලෙස විශ්ලේෂණය කර, නිෂ්පාදන ක්‍රියාවලියේ සිදුවන වෙනස්කම් හඳුනාගනිමින් නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ස්ථාවරභාවය ඉහළ නැංවීමටත්, වේගවත් හා දත්ත මත පදනම් වූ තීරණ ගැනීමටත් සහාය ලබාදෙයි. එමෙන්ම, Smart Real-Time Energy Monitoring & Analytics පද්ධතිය මගින් සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියේම බලශක්ති භාවිතය නිරීක්ෂණය කරමින්, බලශක්තිය වඩාත් කාර්යක්ෂමව භාවිත කළ හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීමට සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මගපාදයි. ස්මාර්ට් නිෂ්පාදන ක්ෂේත්‍රය දෙසට Alumex PLC තැබූ ඉදිරිගාමී පියවරක් ලෙස මෙම සම්මානය හැඳින්විය හැකිය. සිය මෙහෙයුම් කටයුතු සඳහා ඩිජිටල් තාක්ෂණය එක්තැන් කරමින්, වඩාත් සම්බන්ධිත සහ තාක්ෂණයෙන් සවිබල ගැන්වූ නිෂ්පාදන ක්‍රියාවලියක් ගොඩනැගීමට සමාගම දක්වන කැපවීම මෙයින් මැනවින් පිළිඹිමු වේ. ඉදිරියටත් සිය නිෂ්පාදන මෙහෙයුම් පුරා මෙවැනි නව්‍ය තාක්ෂණික භාවිතයන් ප්‍රවර්ධනය කිරීමට Alumex PLC කැපවී සිටියි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top