
දේශීය ඖෂධ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ නංවමින්, Premium International Injectable (Private) Limited සමාගම සිය නවතම ඖෂධ නිෂ්පාදන පහසුකම් පුළුල් කිරීමේ ව්යාපෘතියේ කටයුතු මේ වන විට අවසන් අදියරට ලඟා වී ඇත. මෙරට ඖෂධ ක්ෂේත්රයේ අනාගත වර්ධනය උදෙසාත්, උසස් තත්ත්වයේ ඖෂධ දේශීයව නිෂ්පාදනය කරමින් රටේ සෞඛ්ය ක්ෂේත්රය සවිබල ගැන්වීමටත් Premium International Injectable සමාගම දක්වන නොපසුබට කැපවීම මෙමගින් නැවතත් තහවුරු වේ.
ආයෝජන මණ්ඩල (BOI) කලාපයක් තුළ යුරෝපීය ප්රමිතීන්ට අනුකූලව ඉදිවන මෙම අතිනවීන ඖෂධ නිෂ්පාදනාගාරය, ජෛව තාක්ෂණික පදනම් කරගත් ඉන්සියුලින් (biotechnology-based insulin) සහ කුඩා පරිමාණ එන්නත් ඖෂධ (Small Volume Parenteral – SVP) නිෂ්පාදනය සඳහා වෙන්කර ඇත. මෙම ව්යාපෘතියේ වර්තමාන වටිනාකම බිලියන 13 කි. යුරෝපා සංගමයේ සාමාජික රටවල ජාතික බලධාරීන් (NCAs) විසින් නිකුත් කරනු ලබන EU GMP සහතිකය ලබා ගැනීමට ද මෙම නිෂ්පාදනාගාරය සැලසුම් කර ඇත. වෙළඳපල අවශ්යතාවලට අනුකූලව නිෂ්පාදන ධාරිතාව පුළුල් කරන අතරම, ශ්රී ලංකාව තුළ දීර්ඝකාලීන නිෂ්පාදන ක්රියාවලියක් පවත්වාගෙන යාම සමාගමේ මූලික අරමුණයි.
ගරු සෞඛ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණ චාරිකාව මගින් මෙම පහසුකමේ වර්තමාන සංවර්ධන කටයුතු සමාලෝචනය කිරීමටත්, ශ්රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් සමාගමේ ඉදිරි සැලසුම් අවධාරණය කිරීමටත් අවස්ථාව හිමි විය. එමෙන්ම, දේශීය නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීම සහ මෙරට ඖෂධ කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජනවල වැදගත්කම පිළිබඳව සාකච්ඡා කිරීමටද මෙම හමුව මහෝපකාරී විය.



Premium International Injectable (Private) Limited සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී තුෂිර රද්දැල්ල මහතා මෙසේ පැවසීය. “මෙම නිෂ්පාදනාගාරය වෙනුවෙන් අප සිදුකරන ආයෝජනයෙන් පිළිඹිබු වන්නේ ශ්රී ලංකාව කෙරෙහි අප තබා ඇති දීර්ඝකාලීන විශ්වාසය සහ මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත්රයේ ඇති සුවිශේෂී අවස්ථාවයි. ව්යාපෘතිය සාර්ථකව අවසන් කරමින් අනාගත වර්ධනය සඳහා ශක්තිමත් පදනමක් සකස් කිරීම අපගේ මූලික අවධානයයි. වර්තමාන පහසුකම්වලට අමතරව, වෙළඳපල අවශ්යතාවන්ට අනුකූලව අතිරේක ඖෂධ වර්ග, මාත්රාවන් සහ නව සංයෝග හඳුන්වා දීමටත්, අපගේ ඉදිරි සංවර්ධන අදියරයන්ට ශක්තියක් වන අයුරින් උපායමාර්ගික සබඳතා ගොඩනඟා ගැනීමටත් අප අපේක්ෂා කරනවා.”

ජෛව තාක්ෂණික ඉන්සියුලින් සහ SVP ඖෂධ කෙරෙහි මෙම නිෂ්පාදනාගාරයේ ඇති අවධානය, මෙරට විශේෂිත ඖෂධ නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීමට ලැබෙන අගනා අවස්ථාවකි. ඉන්සියුලින් නිෂ්පාදනය සඳහා සුවිශේෂී ජෛව තාක්ෂණික හා නිෂ්පාදන අවශ්යතා පවතින අතර, SVP ඖෂධ යටතට කුඩා පරිමානයෙන් ලබාදෙන එන්නත් වර්ග අයත් වේ. මෙම අංශ ද්විත්වය සඳහාම සුදුසු නිෂ්පාදන යටිතල පහසුකම්, විධිමත් තත්ත්ව පාලන පද්ධති සහ අදාළ නියාමන ප්රමිතීන්ට අනුකූල වීම අත්යවශ්ය වේ.
දේශීය ඖෂධ නිෂ්පාදන ධාරිතාව වර්ධනය වීම මගින් ඖෂධ සැපයුම් දාමයේ ස්ථාවරත්වය තහවුරු වන අතර, රටේ කාර්මික ක්ෂේත්රය පුළුල් වීමට මෙන්ම සෞඛ්ය හා ඖෂධ ක්ෂේත්රයන් හි නිපුණතා වර්ධනයට සහ සහයෝගීතාවයට නව අවස්ථා නිර්මාණය වේ.
ගරු සෞඛ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ශ්රී ලංකාව තුළ ඖෂධ නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීම, ඖෂධ සැපයුම් දාමයේ ස්ථාවරත්වය තහවුරු කිරීමට සහ මෙරට සෞඛ්ය ක්ෂේත්රයට ශක්තියක් වීමට ලැබෙන විශාල අවස්ථාවක්. මෙවැනි වැඩසටහන් ශක්තිමත් තත්ත්ව ප්රමිතීන්, නියාමන අනුකූලතාවන් සහ රාජ්ය-පෞද්ගලික අංශ අතර පවතින සමීප සහයෝගීතාවය මත පදනම් විය යුතුයි.”
Premium International Injectable සමාගම සිය නිෂ්පාදන සැලසුම් ඉදිරියට ගෙන යාමේදී, රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) ඇතුළු අදාළ රාජ්ය හා කර්මාන්ත පාර්ශවකරුවන් සමඟ ද සම්බන්ධ වී කටයුතු කරයි. මෙමගින් ශ්රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්රයේ පවතින අවස්ථා සහ අවශ්යතා හඳුනා ගනිමින් පොදු අරමුණු වෙනුවෙන් කටයුතු කිරීමට මග පෑදේ.
සමාගමේ අනාගත දැක්ම වර්තමාන නිෂ්පාදන පහසුකම්වලට පමණක් සීමා නොවේ. වෙළඳපොළ ඉල්ලුම, තාක්ෂණික ශක්යතාව සහ අදාළ නියාමන අවශ්යතාවලට යටත්ව, අතිරේක ඖෂධ වර්ග, නව මාත්රාවන් සහ නව සංයෝග හඳුන්වා දීමට සමාගම අපේක්ෂා කරයි. මෙම ක්රමවේදය හරහා සෞඛ්ය ක්ෂේත්රයේ නව ප්රවණතාවලට මෙන්ම දේශීය වෙළඳපොළේ වාණිජ අවශ්යතාවලට අනුකූලව අනාගත නිෂ්පාදන අවස්ථා සක්රියව ඇගයීමට සමාගමට හැකියාව හිමිවේ.
ව්යාපෘතියේ කටයුතු මේ වන විට අවසාන අදියර කරා ළඟා වෙමින් පවතින අතර, ශ්රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්රයේ දියුණුවට දායක වීමට කැමැත්තක් දක්වන ආයෝජකයින්, උපායමාර්ගික පාර්ශ්වකරුවන්, සැපයුම්කරුවන් සහ අනෙකුත් ව්යාපාරික ආයතන සමඟ සාකච්ඡා කිරීමට Premium International Injectable සමාගම සූදානමින් සිටී. මෙම සහයෝගීතාවයන් මගින් අනාගත ව්යාපාරික ව්යාප්තිය උදෙසා මාර්ග විවර වන අතරම, ක්ෂේත්රය තුළ ශක්තිමත් සබඳතා සහ පුළුල් සහයෝගීතාවයක් ගොඩනැගීමට ද මග පාදනු ඇත.
ශ්රී ලංකාව වෙනුවෙන් දක්වන දීර්ඝකාලීන කැපවීම තහවුරු කරමින් Premium International Injectable සමාගම විසින් මෙම නව නිෂ්පාදනාගාරය ස්ථාපනය කර තිබේ. සිය නිෂ්පාදන ඉලක්ක සපුරාගනිමින් අනාගත වර්ධන අවස්ථා කරා ගමන් කිරීමත්, දේශීය ඖෂධ නිෂ්පාදන ධාරිතාව සවි බල ගන්වමින් මෙරට ඖෂධ කර්මාන්තයේ විශ්වාසනීය පදනම බවට පත්වීමත් සමාගමේ ප්රධාන අරමුණයි.

