වාර්ෂිකව ගිගාවොට් පැය 9.9ක පිරිසිදු විදුලියක් එක් කරමින්, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අපේක්ෂා තවදුරටත් ඉහළ නංවයි

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් ආයතනයේ සූර්ය බලශක්ති අංශය වන හේලීස් සෝලා (Hayleys Solar) ආයතනය, කොස්ගම ප්‍රදේශයේ භූමිය මත ඉදි කරන ලද සූර්ය බලශක්ති ව්‍යාපෘති ද්විත්වය නිල වශයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම සිදු කරන ලදි.

කොස්ගම I (මෙගාවොට් 2) සහ කොස්ගම II (මෙගාවොට් 3) ලෙස සමන්විත මෙම ව්‍යාපෘති, හේලීස් සෝලා හි මෙගාවොට් 300ක භූමිය මත ඉදි කෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති එකතුවේ දෙවන අදියර නියෝජනය කරයි. ඉහළ කාර්යක්ෂමතාවයෙන් යුතු වොට් 640ක සූර්ය පැනල 10,790කින් සමන්විත මෙම ව්‍යාපෘතීන් හරහා වාර්ෂිකව විදුලි ඒකක කිලෝවොට් පැය මිලියන 9.9ක් (ගිගාවොට් පැය 9.9ක්) පමණ ජනනය කිරීමට අපේක්ෂිත අතර, එමඟින් වාර්ෂිකව කාබන්ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් 6,930කට ආසන්න ප්‍රමාණයක් පරිසරයට මුදාහැරීම වළක්වා ගත හැකිය.
මෙම ව්‍යාපෘති භූමියේ පැවති ස්වභාවය නිසා සැලකිය යුතු ඉංජිනේරුමය සහ ඉදිකිරීම් අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූ අතර, ඒ සඳහා විශේෂිත සවිකිරීමේ ක්‍රම සහ පුළුල් ශ්‍රම දායකත්වයක් අවශ්‍ය විය. ව්‍යාපෘති භූමියේ ඇතැම් කොටස් වෙත සාම්ප්‍රදායික යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම සීමා වී තිබූ බැවින්, අතින් සිදුකළ කැණීම් සහ පදනම් සකස් කිරීම් වැනි විශාල ශ්‍රම දායකත්වයක් සහිත ක්‍රියාකාරකම්වල නිරත වීමට සිදු විය. භූමියට ගැළපෙන ඉංජිනේරු විසඳුම් හරහා, භූමියේ ස්වාභාවික හැඩය සහ පවතින ජල බසින මාර්ග සුරකිමින්, අවට පරිසරයට වන බලපෑම අවම කර ගනිමින් හේලීස් සෝලා ආයතනය මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කළේය.
2030 වන විට 70%ක පුනර්ජනනීය විදුලි ඉලක්කය කරා ශ්‍රී ලංකාව ගමන් කරන මේ මොහොතේ, වේයන්ගොඩ ව්‍යාපෘතියෙන් ඇරඹුණු මෙගාවොට් 300ක සැලසුම්ගත ව්‍යාපෘති එකතුවට දායක වෙමින්, හේලීස් සෝලා ජාතික විදුලිබල පද්ධතියට විශාල පරිමාණයේ බලශක්ති ධාරිතාවක් එක් කරමින් සිටී. එසේම මේ වන විටත් හේලීස් සමූහයේ මෙහෙයුම් වලින් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර හරහා සපුරා ගනු ලැබීමද සුවිශේෂීත්වයක් වෙයි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය:

“අභියෝගාත්මක තත්ත්වයන් ජයගෙන ඒවා සාර්ථක සංවර්ධන අවස්ථා බවට පත් කිරීමට ඇති හැකියාව මෙම කොස්ගම ව්‍යාපෘතියෙන් අපේ හේලීස් සෝලා කණ්ඩායම මනාව පෙන්නුම් කර තිබෙනවා. මෙහිදී අපි පුනර්ජනනීය බලශක්තිය උත්පාදනයෙන් පමණක් නතර වෙන්නේ නැහැ. ‘Hive for the Future’ යන අපේ වැඩසටහන හරහා ප්‍රදේශයේ ජෛව විවිධත්වය ආරක්ෂා කරන්නත්, ඒ වගේම ප්‍රදේශවාසීන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීමටත් අපි කටයුතු කර තියෙනවා. මී මැසි වගාව ප්‍රවර්ධනය කිරීම සහ පරාගකාරක රැකගැනීම වැනි දේ හරහා පරිසරයට සහ සමාජයට සැබෑ වටිනාකමක් එකතු කරන හරිත බලශක්ති ව්‍යාපෘතියක් මේ ඔස්සේ ලබා දීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.”
මේ පිළිබඳ හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි බලශක්ති අංශයේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂක රොෂේන් පෙරේරා මහතා මෙසේ අදහස් එකතු කළේය:

“සාමාන්‍ය භූමිය මත ඉදි කරන ලද සූර්ය බලශක්ති ව්‍යාපෘතියකට වඩා වෙනස්ව, කොස්ගම ව්‍යාපෘතිය සඳහා භූමියට විශේෂයෙන් ගැළපෙන ඉංජිනේරු විසඳුම් වෙත යන්න මෙහිදී අපට සිදු වුණා. අත්තිවාරම් සකස් කිරීමේ සිට සවිකිරීමේ ක්‍රම දක්වා සියල්ල සිදු කළේ භූමියේ ස්වාභාවික පරිසරයට සහ ජලය ගලා යන මාර්ගවලට කිසිදු හානියක් නොවන අන්දමින්. අපගේ කණ්ඩායම් ඒ තාක්ෂණික අභියෝගයන් ඉතා සාර්ථකව ජය ගත්තා.”
මෙම කොස්ගම ව්‍යාපෘති මඟින් ශ්‍රී ලංකාව පුරා තිරසාර පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය ඉදිරියට ගෙනය යාම සඳහා හේලීස් සෝලා සතු ඉංජිනේරු හැකියාව සහ කැපවීම තවදුරටත් තහවුරු කරයි.
වැඩි විස්තර සඳහා, 011 2 102 102 අංකයෙන් හේලීස් සෝලා කණ්ඩායම අමතන්න. නැතිනම් www.hayleyssolar.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
