
ශ්‍රී ලාංකීය මෝටර් රථ ක්ෂේත්රයේ සිය අද්විතීය නාමය තවදුරටත් සනිටුහන් කරමින්, අයිඩියල් මෝටර්ස් (පුද්ගලික) සමාගම (Ideal Motors (Pvt) Ltd) 2026 වසරේ විශිෂ්ටතම සේවා ස්ථානය මෙන්ම, විශිෂ්ට ආයතනික සංස්කෘතිය වෙනුවෙන් පිරිනමන සම්මාන රැසකින් පිදුම් ලැබීය.
එම ජයග්‍රහණ අතුරින්, 2026 ශ්‍රී ලංකාවේ තරුණ දක්ෂතාවන් සඳහා වන විශිෂ්ටතම සේවා ස්ථාන 20 අතරට තේරී පත්වීම, කුඩා හා මධ්‍යම පරිමාණයේ හොඳම සේවා ස්ථාන (Best Workplaces™) වර්ගීකරණයේ ප්‍රථම ස්ථානය දිනා ගත් අතර රන් පදක්කමින් පිදුම් ලැබීම මෙන්ම, ආසියාවේ මධ්‍යම පරිමාණයේ හොඳම සේවා ස්ථාන අතර 18 වැනි ස්ථානය හිමිකර ගැනීම කැපී පෙනේ. එම ආසියානු වර්ගීකරණයේදී අදාළ කාණ්ඩයෙන් වැඩිම ඇගයීමට ලක්වූ එකම ශ්‍රී ලාංකික ආයතනය බවට පත්වූයේ ද අයිඩියල් මෝටර්ස් සමාගම බවට පත්වීම විශේෂත්වයකී. ඊට අමතරව, වෙළඳ ක්ෂේත්රයේ සේවා ස්ථානීය සංස්කෘතිය උදෙසා පිරිනැමෙන විශිෂ්ටතා සම්මානය ද (Industry Excellence for Workplace Culture – Trading Industry) හිමිකර ගැනීමට සමාගම සමත් විය.
තරුණ දක්ෂතාවන් අගයමින් පිරිනැමුණු 20 Great work places for young Talent මෙම සම්මානය, පසුගිය සැප්තැම්බර් 10 වන දින කොළඹ සිනමන් ලයිෆ් හි පැවැති ‘Great Place To Work® CXO Forum 2026’ සම්මාන උළෙලේදී ප්රදානය කෙරිණි. සහතික ලත් ආයතන 100කට අධික සංඛ්‍යාවක් අතුරින් වයස අවුරුදු 35ට අඩු තරුණ සේවකයන්ට වෘත්තීයමය වශයෙන් වර්ධනය වීමට සහ ඉදිරියට යාමට අර්ථවත් අවස්ථා සලසා දෙන සේවා ස්ථාන උදෙසා මෙම විශේෂ ඇගයීම පිරිනමන ලදී.
2026 සැප්තැම්බර් 11 වන දින කොළඹ සිනමන් ලයිෆ් හි පැවැති ‘Best Workplaces™ in Sri Lanka’ සම්මාන උළෙලේදී අයිඩියල් මෝටර්ස් සමාගම ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන ලැයිස්තුවට ඇතුළත් වෙමින්, කුඩා හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ ප්‍රථම ස්ථානය සහ රන් පදක්කම හිමිකර ගැනීමට සමත් විය. ආසියාවේ හොඳම සේවා ස්ථාන අතර 18 වැනි ස්ථානය හිමිකර ගත් අතර, ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ගිය සේවා ස්ථානීය සංස්කෘතියක ශක්තිය මනාව පිළිඹිබු කරයි.
මෙම ජයග්‍රහණ හුදෙක් සම්මාන එකතුවක් පමණක් නොව එමගින් අයිඩියල් මෝටර්ස් තුළ සිදුවෙමින් පවතින සැබෑ පරිවර්තනය මැනවින් පසක් කරයි. එහිදී සේවක මණ්ඩලය, සංස්කෘතිය සහ ව්‍යාපාරික කාර්යසාධනය සහ තිරසාර වර්ධනයක එකිනෙකට සම්බන්ධ වූ නියමුවන් බව ඒ ඔස්සේ පැහැදිලි වේ.
පසුගිය වසර කිහිපය තුළ, ආයතනයේ මානව සම්පත් කළමනාකරණ කාර්යභාරය , පුද්ගල කළමනාකරණ මට්ටමෙන් ඔබ්බට ගොස් මානව සම්පත් කළමනාකරණය , උපායමාර්ගික හවුල්කරුවෙකු දක්වා වර්ධනය කර ඇත. එහිදී සේවක අත්දැකීම්, ක්ෂේත්‍ර හැකියාවන් වර්ධනය, සේවක සම්බන්ධතාව, කාර්යසාධනය, සන්නිවේදනය, යහපැවැත්ම, විවිධත්වය සහ සේවකයන් ඇතුළත් කරගැනීම මෙන්ම, දත්ත මත පදනම් වූ මානව සම්පත් කළමනාකරණ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත.
ආයතනයේ මානව සම්පත් දර්ශනය පිළිබඳව අදහස් දක්වමින් මානව සම්පත් හා පරිපාලන සමූහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය ත්‍රිමුති ධනුෂ්කා මහත්මිය මෙසේ පැවසීය.”මානව සම්පත් කළමනාකරණ කියන්නේ හුදෙක් පුද්ගලයන් සම්බන්ධ කාර්යයක් විතරක් නෙවෙයි. එය පුද්ගලයන් පිළිබඳ විශේෂඥතාවක් දක්වන ව්‍යාපාරික කාර්යයක්. අපගේ කණ්ඩායම මානව සම්පත් අගයන් එකතු කිරීම හරහා හොඳම පරිපාලන ක්‍රමවේදයන්, නව්‍ය අදහස් සහ අර්ථවත් නව මුලපිරීම් ආයතනයට ලබා දීමට අඛණ්ඩ උත්සාහයක යෙදී සිටිනවා. පුද්ගල හැකියාවන් ශක්තිමත් කිරීම , සේවක අත්දැකීම් වැඩිදියුණු කිරීමට අවස්ථාව සලසාදීම තුළින් ව්‍යාපාරික මට්ටමෙන් වටිනාකමක් නිර්මාණය කරන ” මානව සම්පත් විසඳුම්” නිර්මාණය කළ හැකි බව අපි විශ්වාස කරනවා.”
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අයිඩියල් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂිකා/ප්‍රධාන විධායක නිලධාරීවරිය ඩිලානි යටවක මහත්මිය මෙසේ සඳහන් කළාය, “අපගේ හිතවත් කාර්යය මණ්ඩලය තමයි අපගේ විශාලතම සම්පත. අයිඩියල් මෝටර්ස් හි ශක්තිය රැඳී තිබෙන්නේ අපගේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන සේවක මණ්ඩලය මතයි. එම නිසා අපගේ සේවකයන්ට ඇගයීමක්, බලගැන්වීමක් සහ සංවර්ධන වීමට අවස්ථා ලැබෙන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම මානව සම්පත් ප්‍රමුඛතාවයක් විතරක් නෙවෙයි එය අපගේ ප්‍රධාන ව්‍යාපාරික ප්‍රමුඛතාවයක්.”
මෙම “ මානව සම්පත සඳහා මුල් තැන දීමේ” ප්‍රවේශය කාර්යය මණ්ඩලය සඳහා තම අදහස් ,යෝජනා සහ ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථා, මානව සම්පත් සායන (HR Clinics), ඉගෙනුම් හා සංවර්ධන වැඩසටහන්, ඇගයීම් වැඩසටහන්, යාවත්කාලීන කරන ලද මානව සම්පත් පද්ධති සහ ක්‍රියාවලි, බලගන්වන ලද සේවක සන්නිවේදනය මෙන්ම විවිධත්වය, සාධාරණත්වය, යහපාලන ක්‍රමවේදයන් , සමානාත්මතාවය හා ඇතුළත්භාවය පිළිබඳ වැඩි අවධානයක් දීම තුළින් පිළිඹිබු වේ.
” මානව සම්පත අපේ ශක්තියයි. සහභාගීත්වයෙන් ගොඩනැගෙමු..” (Driven by People. Powered by Inclusion) යන දර්ශනය සහ 2026 වසර සඳහා සමාගමේ DFI තේමාව වන ” එකම කණ්ඩායමක් – සෑම හඬකටම වටිනාකමක් ” (Inclusive Together – One Team, Every Voice Matters) යටතේ, අයිඩියල් මෝටර්ස් සමාගම තරුණ දක්ෂයින්ට, තාක්ෂණික සහ ඉදිරිපෙළ භුමිකාවන්හි නිරත ශ්‍රම බළකායට සහ කාන්තාවන්ට, නැගී එන නායකයන්ට සහ සේවයේ විවිධ මට්ටම්වල සිටින සේවකයන්ට නව අවස්ථා අඛණ්ඩව නිර්මාණය කරයි.
ආයතනයේ මෙම කැපවීම සිය සේවක මණ්ඩලයට පමණක් සීමා නොවේ. අයිඩියල් මෝටර්ස් තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානය (IMTTC) හරහා තරුණ තරුණියන්ට ප්‍රායෝගික කුසලතා පූර්ණ පුහුණුවක් ලබා දෙමින්, මෝටර් රථ ක්ෂේත්රයට පිවිසීමට අවශ්‍ය මාවත සකසා දීමට සමාගම නිරන්තරයෙන් කටයුතු කරයි. එමගින් සිය ආයතනයට පමණක් නොව, ශ්‍රී ලංකාවේ සමස්ත මෝටර් රථ කර්මාන්තයටම අනාගත අභියෝගයන්ට මුහුණ දිය හැකි ශූර තාක්ෂණික ශ්‍රම බලකායක් දායාද කිරීමට අයිඩියල් මෝටර්ස් දැඩි කැපවීමෙන් ක්‍රියා කරයි.
එබැවින් මෙම අභිමානවත් ඇගයීම් සමුදාය, ඉහළ විශ්වාසනීයත්වයකින්, එකමුතුකමෙන් සහ ඉහළ කාර්යසාධනයකින් හෙබි සේවා පරිසරයක් ගොඩනැගීමට අයිඩියල් මෝටර්ස් සමාගම ගෙන යන සාර්ථක ගමන වෙනුවෙන් හිමිවූ උසස්ම සහතිකයයි.
අයිඩියල් මෝටර්ස් සමාගමේ එකම අරමුණ සම්මාන දිනාගැනීම පමණක් නොවේ. ව්‍යාපාරයට මෙන්ම සමස්ත ක්ෂේත්රයට ද තිරසාර ලෙස ඉදිරියට යාමට මඟපාදමින්, සිය කාර්ය මණ්ඩලයට වර්ධනය වීමට, ආයතනයට දායක වීමට සහ ජයග්‍රහණය කරා ගමන් කිරීමට හැකි සුදුසුම සේවා පරිසරයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ සැබෑ අභිප්‍රායයි.
සේවක සංවර්ධනය තුළින් සංස්කෘතිය ශක්තිමත් වේ. ශක්තිමත් ආයතනික සංස්කෘතියක් තුළින් ව්‍යාපාර සවිමත් වේ.
